The Leader News
BREAKING
Top Ad
පුවත්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වෙනස් කිරීමට යෝජනාවක්

T

The Leader Desk

July 15, 2026 • 4:47 AM

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වෙනස් කිරීමට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇති කර තිබෙන ඉඩම් ගැටළු වලට සාධරණ මෙන්ම සියළු පාර්ශවයන්ට පිළි ගත හැකි විසදුම් ලබා දිය යුතු බව උතුරේ ප්‍රධානතම දේශපාලන බලවේගය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හමුවේ අවධාරණය කර තිබේ.
  • ඒ සුමන්තිරන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් එක් වු බවයි.
  • බොහෝ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන් ශිව දෙවියන් නමදින අතර අතීතයේ සිට පැවත එන පංච ඊශ්වරම් ලෙසින් හැඳින්වෙන ශිව දෙවිඳුන් වෙනුවෙන් කැපවූ සිද්ධස්ථාන පහක් ලංකාවේ ස්ථාපිත කර තිබේ.
  • ඒ යාපනයේ කීරිමලේ නගුලේස්වරම්, මන්නාරමේ කේතීස්වරම්, ත්‍රිකුණාමලයේ කෝනේස්වරම්, හලාවත මුන්නේස්වරම් සහ දෙවුන්දර තුඩුවේ තොන්ඩේස්වරම් යන කෝවිල්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දිවයිනේ සියලු පුරවැසියන් නියෝජනය නොකරන පුරාවිද්‍යා ලාංඡනය වෙනස් කරන ලෙසද යෝජිත විසඳුම් අතර වේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි ජනතා නියෝජිතයන් දෙදෙනකු අඟහරුවාදා (14)  වැඩ බලන  පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, සෙනරත් වික්‍රමසිංහ මුණගැසී ඒ පිළිබඳව කරුණු දක්වා තිබුනේ ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව මුහුණ දෙන ඉඩම් අයිතිය ඇතුළු ප්‍රශ්න සාකච්ඡාවට ගැනීමට දෙමළ, මුස්ලිම් හා මලයහ පක්ෂ හයක් පෙරදා කොළඹදී වේදිකාවක් නිර්මාණය කරගැනීමෙන් අනතුරුවය.

 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රහය, ඉලංගෙයි තමිල් අරසුකච්චි, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශිලි සංවිධානය හා  දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය  එම පක්ෂ හයයි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි නිවේදනය කර ඇත්තේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව මුහුණ දී ඇති විවිධ ගැටලු පිළිබඳව පුළුල් ලෙස වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, සෙනරත් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ අතර ඒ සදහා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් එක් වු බවයි.

 

උතුරු නැගෙනහිර භූමිය හා ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාවට අමතරව සිංහල ජනතාවද ගැටුම්කාරී ලෙස උරුමකම් පාමින් සිටියදී සිංහල බෞද්ධයන්ට වාසි සලසන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා නැගෙන පසුබිමක ආණ්ඩුව සිංහලයන් 19 දෙනකුගෙන් යුත් අලුත් පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර කිරීමට පසුගිය වසරේදී කටයුතු කර තිබුනි.

 

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවිගේ අත්සනින් යුතුව 2025 නොවැම්බර් මස 1 වැනි සෙනසුරාදා නිකුත් කර ඇති  අංක 2460/ 56 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත් කළ පුරා විද්‍යා උපදේශක කමිටුවේ කාල සිමාව  2025.03.10 දින සිට 2027.03.09 දක්වා බල පැවැත්වේ.

තිරුකෝනේශ්වරමේ කඩ සාප්පු

වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, සෙනරත් වික්‍රමසිංහ සමග  කොළඹදී පැවැති සාකච්ඡාවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජිතයන් දෙදෙනා අවධාරණය කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාති, ආගම් භේදයකින් තොරව කටයුතු කරන බවට දෙමළ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීමට නම්, සියවස් ගණනක් පැරණි ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම් කෝවිල් පරිශ්‍රයේ පිහිටි වෙළඳසැල් 54 ද ඉවත් කළ යුතු බවයි.

බොහෝ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන් ශිව දෙවියන් නමදින අතර අතීතයේ සිට පැවත එන පංච ඊශ්වරම් ලෙසින් හැඳින්වෙන ශිව දෙවිඳුන් වෙනුවෙන් කැපවූ සිද්ධස්ථාන පහක් ලංකාවේ ස්ථාපිත කර තිබේ. ඒ යාපනයේ කීරිමලේ නගුලේස්වරම්, මන්නාරමේ කේතීස්වරම්, ත්‍රිකුණාමලයේ කෝනේස්වරම්, හලාවත මුන්නේස්වරම් සහ දෙවුන්දර තුඩුවේ තොන්ඩේස්වරම් යන කෝවිල්ය.

පැරණි ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල් පරිශ්‍රයේම වෙළඳසැල් 54 ක් ඉදිකිරීම මගින් හින්දු භක්තිකයන් මහත් පීඩාවකට පත්ව ඇති බවට පසු ගිය සමයේ අවස්ථා ගණනාවකදීම එම භක්තිකයන් විසින් පෙන්වා දී තිබුනි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි ජනතා නියෝජිතයන් දෙදෙනා වැඩ බලන  පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, සෙනරත් වික්‍රමසිංහගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ නාම පුවරු ගලවා ඉවත් කිරීමේ චෝදනා යටතේ  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෝරතිව්පත්තු ප්‍රාදේශීය සභාවට සහ වාලච්චේන ප්‍රාදේශීය සභාවට එරෙහිව ගොනු කර ඇති නඩු ද ඉවත් කර ගන්නා ලෙසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයට සෘජුවම පැමිණ, තන්දාමලෙයි මුරුගන් කෝවිල ඇතුළු ප්‍රදේශ රැසක  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇති කර තිබෙන ගැටලු සොයා බලා, දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 

මේ වන විටත් භාවිත කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ බෞද්ධයන් පුජනීය ලෙස සලකණ ධර්ම චක්‍රයක සහ චෛත්‍යයක ලාංඡන ඇතුලත් කරමිනි. එක් ආගමක් පමණක් නියෝජනය වන ලක්ෂණ ඇතුළත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය තුළ අනෙකුත් ආගම් හා ජනවර්ග නියෝජනය වන සංකේත ඊට ඇතුළත් වී නොමැති බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, සෙනරත් වික්‍රමසිංහට සිහිපත් කර දී ඇති ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් එහිදි  ඉල්ලා ඇත්තේ සියලු ජනවර්ග සහ ආගම් නියෝජනය වන ආකාරයට එම නිල ලාංඡනය සංශෝධනය කළ යුතු බවයි.

 

කුච්චවේලි ප්‍රදේශයේ කිලෝමීටර් 37ක දුර ප්‍රමාණයක් තුළ බෞද්ධ විහාරස්ථාන 42ක් ඉදිකර ඇති අතර ඒවාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ කිසියම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද මෙහිදි දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇත.

වන්නි පළාතේ කුරුන්තුර්මලෙයි හා වෙඩුක්කුනාරිමලෙයි යන  සිව දේවාල භුමි ඇතුළු  ප්‍රදේශවල දෙමළ ජනතාවට තම ආගමික වන්දනා කිරීමේ අයිතිය නිදහසේ භාවිත කිරීමට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සහතික කරන ලෙසද පුරා විද්‍යා අධ්‍යක්ෂජනරාල් වරයාගෙන් ඉල්ලා ඇති ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජිත දෙපළ එහිදී වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ එම භුමි සම්බන්ධයෙන් අධිකරණ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් ආගමික වන්දනා කිරීමේ අයිතියට කිසිදු බාධාවක් ඇති නොවන නමුත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් දෙමළ ජනතාවට එරෙහි ක්‍රියාකාරකම් තවදුරටත් එම ප්‍රදේශ තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වෙනස් කිරීමට යෝජනාවක් | The Leader