The Leader News
BREAKING
Top Ad
පුවත්

මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන පිටුපස මිනීමැරුම් වසන් කිරීමේ සාමූහික කුමන්ත්‍රණයක්! - ඒකාබද්ධ විපක්ෂය හෙළිදරව් කරයි

T

The Leader Desk

July 15, 2026 • 8:00 AM

මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන පිටුපස මිනීමැරුම් වසන් කිරීමේ සාමූහික කුමන්ත්‍රණයක්! - ඒකාබද්ධ විපක්ෂය හෙළිදරව් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කෑම කකා ඉද්දී ජේලර්ලා යවා රැඳවියන් කුපිත කරලා; මානව හිමිකම් නිලධාරීන්ට වැලිකඩ දොර වැසුවේ සාක්ෂි හැංගීමටයි" - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුව හමුවේ විපක්ෂය ප්‍රශ්න කරන අමානුෂික බස් රථ ප්‍රහාර සහ ස්වයංක්‍රීය ගිනිඅවි ප්‍රහාරයන් මෙන්න
  • පීරිස් සහ සාගල රත්නායක ප්‍රමුඛ 'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' අද (ජූලි 15) විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කරුණු 8ක තීරණාත්මක අනාවරණයක් සිදු කර තිබේ.
  • කැරැල්ල ඇවිලවූ බලධාරීන්ගේ සැකකටයුතු යටි අරමුණු විපක්ෂය පෙන්වා දෙන්නේ ජූලි 5 වැනිදා ඇති වූ මූලික ගැටුමෙන් පසු සාපේක්ෂ සාමකාමී බවක් තිබියදී, තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට බලධාරීන් සිතාමතාම ඉඩ හැර ඇති බවයි.
  • කෑම වෙලාවේ කුපිත කිරීම: ජූලි 6 වැනිදා උදෑසන රැඳවියන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක, බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් වෙත යවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


"ඇමැතිවරයාව හොයාගන්නවත් නෑ; වසරක් තිස්සේ ස්ථිර කොමසාරිස්වරයෙක් පත් නොකළේ අමාත්‍යාංශ ලේකම් අයේෂා ජිනසේනගේ මුරණ්ඩුකම නිසයි" - මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල, සාගල රත්නායක ඇතුළු දේශපාලන නායකයන් 14 දෙනෙකු අද (ජූලි 15) නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය


ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම ඛේදවාචකයක් වන මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් රැඳවියන් 23ක් සහ නිලධාරීන් 10ක් ඇතුළු 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සමස්ත සාපරාධී වගකීම රජය සතු වන බව ප්‍රකාශ කරමින්, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ සාගල රත්නායක ප්‍රමුඛ 'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' අද (ජූලි 15) විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කරුණු 8ක තීරණාත්මක අනාවරණයක් සිදු කර තිබේ.

මෙම ඝාතන වැල සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීම විපක්ෂය සාදරයෙන් පිළිගන්නා අතර, බන්ධනාගාර බලධාරීන් සහ අධිකරණ අමාත්‍යාංශය විසින් සිද්ධිය යටගැසීමට දරන උත්සාහයන් පිළිබඳව නීතිමය හා ව්‍යවස්ථාපිත ප්‍රශ්න රැසක් මෙහිදී මතු කර ඇත.

කැරැල්ල ඇවිලවූ බලධාරීන්ගේ සැකකටයුතු යටි අරමුණු

විපක්ෂය පෙන්වා දෙන්නේ ජූලි 5 වැනිදා ඇති වූ මූලික ගැටුමෙන් පසු සාපේක්ෂ සාමකාමී බවක් තිබියදී, තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට බලධාරීන් සිතාමතාම ඉඩ හැර ඇති බවයි.

කෑම වෙලාවේ කුපිත කිරීම:
ජූලි 6 වැනිදා උදෑසන රැඳවියන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක, බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් වෙත යවා ඇත. මෙම අසාමාන්‍ය ක්‍රියාව රැඳවියන් කුපිත කරවීමට ගත් පියවරක් බඳු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අමානුෂික ඝාතන රැසක් සිදුවිය.

ගිනිඅවි ප්‍රහාර සහ STF අක්‍රීය කිරීම:
ගැටුම අතරතුර ආරක්ෂක නිලධාරියෙකු දොරක සිදුරක් තුළින් ස්වයංක්‍රීය ගිනි අවියකින් රැඳවියන්ට වෙඩි තබා ඇත. එසේම, ජූලි 5 වැනිදා සිට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) සීරුවෙන් තබා සිටියද, මැදිහත් වීමට නියෝග නොලැබීම නිසා ඔවුන් උදාසීන බලා සිටින්නන් බවට පත් කර තිබේ.

ඇමැතිවරයා මඟහැරීම:
මුළු බන්ධනාගාරයම ලේ විලක් වෙද්දී අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට පවා නොහැකි වී ඇති අතර, ඔහු ජූලි 6 පස්වරු 3 වන තෙක් එම ස්ථානයට පැමිණ නැත. එසේම රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) කැඳවූ හදිසි රැස්වීමද අමාත්‍යවරයා මඟහැර තිබේ.

සාක්ෂි වසන් කිරීමට කළ මාරු කිරීම් සහ මානව හිමිකම් උල්ලංගන

බස් රථ තුළ ලේ වැකි ප්‍රහාර:
මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන්ට අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලදී අත්පා කැඩෙන තෙක් වධහිංසා පමුණුවා ඇත. වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැඳවියන් 21 දෙනෙකු රැගත් බස් රථය පැමිණි අවස්ථාවේ, බස් රථය ඇතුළතදීම ඔවුන්ට දරුණු ලෙස පහර දී ඇති අතර ඉන් එක් අයෙක් බස් රථය තුළදීම මියගොස් තිබේ.

මානව හිමිකම් කොමිසමට දොර වැසීම:
ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) හදිසි ප්‍රතිචාර අංශයේ නිලධාරීන්ට ඇතුළු වීමට ප්‍රධාන ජේලර්වරයා අවසර දී නැත. මෙය මානව හිමිකම් කොමිෂන් සභා පනත සෘජුව උල්ලංඡනය කිරීමක් වන අතර, මිනීමැරුම් සහ වධහිංසා පැමිණවීම් වසන් කිරීමේ සාමූහික උත්සාහයක් බව විපක්ෂය පවසයි.

අරාජිකත්වයට හේතුව අයේෂා ජිනසේනගේ මුරණ්ඩුකමද?

කොමසාරිස් තනතුර හිස්ව තැබීම:
වසරකට වැඩි කාලයක් මීගමුව බන්ධනාගාරයට ස්ථිර කොමසාරිස් ජනරාල්වරයෙකු සිට නැත. 2025 ජුනි මස වැඩ තහනමට ලක්වූ තුෂාර උපුල්දෙණිය ව නැවත සේවයේ පිහිටුවන ලෙස මානව හිමිකම් කොමිසම නියෝග කළද, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන එම බැඳීම් සහගත නියෝගය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. මෙම මුරණ්ඩු ක්‍රියාව බන්ධනාගාරයේ පාලන අධිකාරිය බිඳවැටීමට සහ ජීවිත හානියට සෘජුවම බලපෑ බව නිවේදනයේ සඳහන් වේ.

සිව්ගුණයක තදබදය:
දැනට බන්ධනාගාරවල රඳවා සිටින්නේ එහි ධාරිතාවට වඩා සිව්ගුණයකට ආසන්න රැඳවියන් පිරිසක් වන අතර, ඉන් හතරෙන් තුනක්ම (3/4) කිසිදු අධිකරණයකින් වරදකරුවන් නොකළ පිරිස් වීම නිසා 'වරදකරු වන තෙක් පුද්ගලයෙකු නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ' ව්‍යවස්ථාපිත මූලධර්මය සහ සහමුලින්ම උල්ලංඡනය වී ඇත.

මෙම සමස්ත ව්‍යසනය පිටුපස ඇති අපරාධමය සහ සිවිල් වගකීම් යට ගැසීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ස්ථිරවම පෙනී සිටින බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අවධාරනය කර සිටී.

මේ සඳහා අත්සන් තැබූවන්;

* මහාචාර්ය ජී. එල්. පීරිස් | කැඳවුම්කරු - ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය
* නිමල් සිරිපාල ද සිල්වා |  සභාපති - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
* බන්දුල චන්ද්‍රසේකර | ලේකම් - එක්සත් ජනරජ පෙරමුණ
* සාගල රත්නායක | ජාතික සංවිධායක - එක්සත් ජාතික පක්ෂය
* පා.ම. රෝහිත අබේගුණවර්ධන | නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
* අසංක නවරත්න | නායක - ශ්‍රී ලංකා මහජන පක්ෂය
* උපතිස්ස කුමාරතුංග | නියෝජ්‍ය නායක - නව ජනතා පෙරමුණ
* සෙනාල් වෙල්ගම | නායක - නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
* හේරත් වර්ණකුලසූරිය | ලේකම් - නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
* පේෂල සේරසිංහ | මධ්‍යම කාරක සභික -ලංකා සම සමාජ පක්ෂය
* කීර්ති තෙන්නකෝන් | විධායක කමිටු සාමාජික -ෆ්‍රී ලෝයරස් සංවිධානය
* කියාස් එම්. නිසාර් | ව්‍යවසායක
* ප්‍රේම්නාත් සී. දොලවත්ත | නිර්මාතෘ - සත්‍ය ගවේෂක සංවිධානය
* දුමින්ද දිසානායක | මහලේකම් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

 WhatsApp Image 2026 07 15 at 12.15.10

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...