The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද්ධයෙන් පසු උතුරු මුහුදේ ධීවර සීමා ලිහිල් වීමත් සමග තහනම් පන්න ක්‍රම බෝ වෙලා

T

The Leader Desk

July 15, 2026 • 12:16 PM

යුද්ධයෙන් පසු උතුරු මුහුදේ ධීවර සීමා ලිහිල් වීමත් සමග තහනම් පන්න ක්‍රම බෝ වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටි සංවිධානය උතුර පාලනය කරන යුගයේදී මසුන් මැරීම සදහා තහනම් කර තිබු සාගර සම්පත වනසන දැල් පන්න ක්‍රම යළි විශාල වශයෙන් ධිවරයන් භාවිත කරන බව ජ්‍යෙෂ්ඨ ධීවර සංගම් නායකයකු හෙළි කර තිබේ.
  •   “2009 වසරේ යුද්ධය අවසන්වීමෙන් පස්සේ ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුව ධීවර කටයුතු වලට දාලා තිබුණු සීමා ඉවත් කිරීමෙන් පස්සේ, තහනම් කරන ලද ධීවර කටයුතු සීමාව ඉක්මවා ගිහින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


“2009 විමුක්ති කොටි සංවිධානයේ පාලන කාලයේදී මේ ආකාරයේ දැල් පන්න ක්‍රම තහනම් කරලා තිබුණා. විශේෂයෙන් උතුරු පළාතේ ධීවරයින්ට සැලකිය යුතු ආකාරයේ දුරක ධීවර කටයුතු සිදු කිරීමට අවසරය නාවික හමුදාව ලබාදී තිබුණත් ඒ ප්‍රදේශවල ඔවුන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු මුහුදු ආහාර ලබාගෙන ඒ ආදායම තුළින් තම ජීවිකාව රැගෙන යාමට කටයුතු කළා.”

 

මන්නාරම දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ ලේකම් මොහොමඩ් ආලම් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දී තිබුනේ යුද නිමාවෙන් පසු ආණ්ඩු විසින් ධීවර කටයුතු වලට පනවා තිබු  සීමා ඉවත් කිරීමෙන් පසු ලාංකික ධීවරයන් දේශීය මුහුදු සීමාවද ඉක්මවා මසුන් මරන බවයි.

 

“2009 වසරේ යුද්ධය අවසන්වීමෙන් පස්සේ ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුව ධීවර කටයුතු වලට දාලා තිබුණු සීමා ඉවත් කිරීමෙන් පස්සේ, තහනම් කරන ලද ධීවර කටයුතු සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. මුදු සීමාවත් පැනලා යනවා. ඩයිනමයිට්, මාදැල්, තංගුස් වගේ තහනම් කරන ලද ක්‍රමවේදයන් 14ක් උතුරු මුහුදෙත් ඒ වගේම මන්නාරම මුහුදෙත් ලොකුවට සිද්ධ වෙනවා.”

ධිවර සංගම් නායකයා පෙන්වා දෙන්නේ පහුරු හෝ තල්ලු දැල් භාවිතය, මුහුදු ක්ෂීරපායන් හෙල්ල පහරදී මරා දැමීම, මොක්සි දැල් භාවිතය, කොරල් පර අසළ දැල දමා මසුන් ඇල්ලීම (තුන්පුරි දැල් භාවිතය), පන්න දැල් භාවිතය, පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් මැරීම, මුහුදු පතුලට ඇදෙන ට්‍රෝලින් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම, අනවසර සුරුක්කු දැල් භාවිත කිරීම, විශේෂ බලපත්‍රයකින් තොරව මුහුදු කූඩැල්ලන්, බෙල්ලන් හා පොකිරිස්සන් ඇල්ලීම, ලයිට් කෝස්, පහන් දැල් දැමීම (රාත්‍රී කාලයේදී පහන් දල්වා මසුන් ඇල්ලීම), තහනම් කර ඇති මුහුදු ජීවින් ඇල්ලීම (තල්මසුන්, ඩොල්පින්, මූදු ඌරන්, කැස්බෑවන්, කස මෝරුන්, තම්බුවා (රතු තම්බුවා), මිලිමීටර් 70ට අඩු බෙල්ලන්, මිලිමීටර් 130ට අඩු විශ්කම්භයක් සහිත කකුළුවන්, මිලිමීටර් 14ට අඩු පැතලි පොකිරිස්සන් ඇල්ලීම ආදී තහනම් ක්‍රම  මේ වන විටත් ධිවරයන් මසුන් මැරීමට යොදා ගන්නා බවයි.

ඉන්දීය ධිවරයන් නීති විරෝධි ආකාරයෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන මසුන් මැරීමත්, තහනම් ආම්පන්න භාවිත කරමින් සිදු කෙරන මසුන් මැරීමත් හේතුවෙන් සාම්ප්‍රදායික ධීවරයන්ගේ බඩ වියතට කෙටි කාලීන මෙන්ම  දීර්ඝ කාලීනව ද විශාල  බලපෑම් එල්ල වනු ඇති බව ට ධිවර සංගම් නායකයන් පසුගිය සමයේ අවස්ථා ගණනාවකදීම බලධාරීන්ට අවධාරණය කර තිබුනි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...