The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?

T

The Leader Desk

October 24, 2025 • 3:09 PM

2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
  • එහි සඳහන් පරිදි 2026 වසරේ සිට ක්‍රමිකව, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට මෙම නව විෂය මාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමට නියමිත ය.
  • එය හඳුන්වා දෙන්නේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියටත්, කනිෂ්ඨ ද්විතීයික අංශයේ 6 ශ්‍රේණියටත් ය.
  • මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහත සඳහන් කුළුණු පහ යටතේ හඳුන්වා දීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

එහි සඳහන් පරිදි 2026 වසරේ සිට ක්‍රමිකව, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට මෙම නව විෂය මාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමට නියමිත ය.

එය හඳුන්වා දෙන්නේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියටත්, කනිෂ්ඨ ද්විතීයික අංශයේ 6 ශ්‍රේණියටත් ය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහත සඳහන් කුළුණු පහ යටතේ හඳුන්වා දීමට නියමිත ය.

F විෂය මාලා සංවර්ධනය

F මානව සම්පත් සංවර්ධනය

F යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ

F තක්සේරු කිරීම සහ ඇගයීම* මහජන දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය

එම සැලැස්මට අනුව 2026 වසරේ සිදු වන වෙනස්කම් පහත පරිදි වේ.


1 ශ්‍රේණියේ සිට ප්‍රාථමික අධ්‍යාපනය වෙනස් වෙන්නේ කොහොම ද?

ප්‍රාථමික අංශයේ විෂයමාලාව මූලික ජීවන කුසලතා සඳහා අධ්‍යාපනය ලබා දීමේ අභිමතාර්ථය සහිතව සකස් කර ඇති බවට ලිපියේ සඳහන් වන අතර, ඒ අනුව වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින ව්‍යුහය තුළ ම ඉදිරියටත් නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එහි සඳහන් ය.

ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක පහත සඳහන් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රධාන අවධි තුන යටතේ එය ක්‍රියාත්මක වනු ඇත.

F1 - 2 ශ්‍රේණි: පළමු ප්‍රධාන අවධිය

F3 - 4 ශ්‍රේණි: දෙවන ප්‍රධාන අවධිය

F 5 ශ්‍රේණිය: තෙවන ප්‍රධාන අවධිය


ඒ අනුව මෙම නව ප්‍රාථමික විෂයමාලාව ප්‍රධාන පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේ සකස් කර තිබේ. එම ඉගෙනුම් ක්ෂේත්‍ර පහත පරිදි විය.

F මව් භාෂාව

F ඉංග්‍රීසි භාෂාව

F දෙවන ජාතික භාෂාව

F ගණිතය

F ආගම සහ සාරධර්ම අධ්‍යාපනය

F ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්

F ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය

F සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

F විෂය සමගාමී ක්‍රියාකාරකම්


මෙම ඉගෙනුම් ක්ෂේත්‍ර සමබරව ලැබෙන පරිදි සිදුන්ගේ වයස සහ සංවර්ධන අවශ්‍යතාවලට ගැලපෙන ලෙස අන්තර්ගතය සහ කාලය වෙන් කර ඇති බවට උපදෙස් ලිපියේ සඳහන් වේ.

මෙහිදී සිදුවන එක් විශේෂ වෙනස්කමක් වන්නේ, 5 ශ්‍රේණියේ පාසල පවත්වන වෙලාවේ වෙනසක් සිදු වීම ය. ඒ අනුව එම ශ්‍රේණිය සඳහා පාසල පවත්වන වේලාව මිනිත්තු 30කින් වැඩි ව තිබේ.

එනම්, උදෑසන 7.30ට ආරම්භ වන පාසල අවසන් වන්නේ ප.ව. 2.00ට වේ.

පෙළපොත් සහ අනෙකුත් පහසුකම්

1 ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයේ භාවිත වන පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට නියමිත අතර, ඒවා ඉදිරියේදී පාසල් වෙත බෙදා හැරෙනු ඇත.

මෙම විෂය මාලාව ක්‍රියාකාරකම් පාදක විෂය මාලාවක් වන නිසා දැනට පවතින සම්පත් උපරිමව යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව මෙම උපදෙස් ලිපියේ සඳහන් වේ.

6 ශ්‍රේණියට හඳුනවා දෙන ක්‍රෙඩිට් සහ මොඩියුලවලින් සමන්විත නව විෂයමාලාව

කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී පුළුල් සහ සමබර විෂය නිර්දේශයක් සඳහා විෂයන් 14ක් හැදෑරීම අනිවාර්ය කර තිබේ.

මෙම අනිවාර්ය විෂය 14 මොඩියුල මගින් ඉගැන්වීමට අපේක්ෂා කරන අතර, විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍ය මොඩියුල සංඛ්‍යාව තීරණය කරනු ඇත.

6 වන ශ්‍රේණියේ සිට නව විෂයන් තුනක් ද හඳුන්වා දීමට නියමිත අතට, එම විෂය තුන පහත පරිදි ය.


F තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

F ජීවිතය සඳහා තාක්ෂණය

F ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව


මීට අමතරව ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට සෑම සිදුවෙකුට ම අවකාශයක් ලබා දීමට නියමිත ය.

මොඩියුලයක් යනු කුමක් ද?

මොඩියුලයක් යනු කුමක් ද යන්න සම්බන්ධයෙන් මෙම උපදෙස් ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ.


"මොඩියුලයක් යනු විෂයක් තුළ නිශ්චිත මාතෘකාවක්, කුසලතාවක් හෝ තේමාවක් හෝ ආවරණය කරන හා අවධානය යොමු කළ, ස්වයං අන්තර්ගත ඉගෙනුම් ඒකකයකි. එය ව්‍යුහගත අන්තර්ගතය, ක්‍රියාකාරකම් සහ තක්සේරු කිරීම හරහා නිශ්චිත ඉගෙනුම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අතර බොහෝ විට කෙටිකාලින හෝ අතිරේක උපදෙස් මත භාවිත වේ."


සෑම මොඩියුලයක් සඳහා ම පැය 10ක ඉගැන්වීමක් සිදු කළ යුතු අතර මොඩියුලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ක්‍රෙඩිට් එකක් උපයාගැනීමට සිසුන්ට හැකි ය.

ඒ අනුව, සිසුන් එක් පාසල් වාරයක් සඳහා ප්‍රධාන විෂයන්වලට අදාළ ක්‍රෙඩිට් 30ක් ද, වැඩිදුර ඉගෙනුම් මොඩියුලවලින් ක්‍රෙඩිට් 3ක් සහ පරිවර්තනීය කුසලතා සඳහා මොඩියුල දෙකකින් ක්‍රෙඩිට් දෙකක් වශයෙන් ක්‍රෙඩිට් 35ක් උපයා ගත යුතු ය.

6 ශ්‍රේණියේ සිට සිසුන් ඉගෙන ගත යුතු විෂයන් මොනවා ද?

එක් පාසල් වාරයක් සඳහා 2026දී 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් ඔවුන්ගේ කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය (6 -9 ශ්‍රේණිය දක්වා) එක් වාරයකදී හැදෑරිය යුතු විෂයන් සහ ඒවාට හිමිවන ක්‍රෙඩිට් සංඛ්‍යාව පහත පරිදි වේ.

F මව් භාෂාව (03)

F ඉංග්‍රීසි භාෂාව (03)

F දෙවන ජාතික භාෂාව (01)

F ගණිතය (03)

F විද්‍යාව (03)

F සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (02)

F තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය (02)

F ජීවිතය සඳහා තාක්ෂණය (02)

F භූගෝල විද්‍යාව (01)

F ඉතිහාසය (02)

F පුරවැසි අධ්‍යාපනය (01)

F ආගම හා සාරධර්ම අධ්‍යාපනය (02)

F සෞන්දර්ය අධ්‍යාපනය (02)

F ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය (02)

F මෙම විෂයන්වලට අමතරව 'ක්‍රීඩා, සමාජ සහ සංගම් සඳහා සහභාගීත්වය' වෙනුවෙන් ක්‍රෙඩිට් 02ක් හිමි වේ. ඒ සඳහා සහභාගීත්වය පමණක් ප්‍රමාණවත් වේ.


ඉහත ක්‍රෙඩිට් 30ට අමතරව, ඉහත සඳහන් අත්‍යවශ්‍ය විෂයන් අතුරින් තුනක් සඳහා එකකට එක බැගින් වැඩිදුර ඉගෙනුම් මොඩියුල තුනක් අධ්‍යනය කිරීම කළ යුතු අතර, ඒ සඳහා සිසුන්ට එක් මොඩියුලයකට ක්‍රෙඩිට් එක බැගින් ක්‍රෙඩිට් 3ක් උපයා ගැනීමට සිදු වේ.

ඉන් පසුව පරිවර්තනීය කුසලතා ලෙස හඳුන්වන මොඩියුල දෙකක් තෝරාගෙන ක්‍රෙඩිට් දෙකක් උපයා ගත යුතු ය.

එම පරිවර්තනීය කුසලතා මොඩියුල පහත පරිදි වේ.

F සාහිත්‍ය අගය කිරීම

F මාධ්‍ය අධ්‍යයනය (ආයතනික පුහුණුව සමග)

F සේවා අංශ අධ්‍යයන

F ගෝලීය අධ්‍යයන

F සමාජ සේවා

F සෞඛ්‍ය හා ක්‍රීඩා

F සෞන්දර්ය අගය කිරීම

F වෘත්තීය සූදානම සඳහා පදනම

F ඩිජිටල් පුරවැසිභාවය

සිසුන් විසින් තෝරා ගනු ලබන වැඩිදුර ඉගෙනුම් මොඩියුල සහ පරිවර්තනීය කුසලතා මොඩියුල මොනවා ද යන්න 2026දී 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් හා දෙමව්පියන් විසින් 5 ශ්‍රේණිය අවසානයේදී දැනුවත් කිරීම සිදු කළ යුතු බව ලිපියේ සඳහන් වේ.

පන්ති පවත්වන වේලාව

මෙම නව විෂය මාලා ඉගැන්වීමේ කටයුතු සඳහා දැනට පවතින මිනිත්තු 40ක කාල පරිච්ඡේද මිනිත්තු 50ක් දක්වා දීර්ඝ කෙරෙන අතර, දිනකට ඇති කාල පරිච්ඡේද ගණන 7ක් දක්වා අඩු කෙරෙයි.

එමෙන් ම පාසල් කාලය තවත් දැනට පවතින කාලයට වඩා මිනිත්තු 30කින් වැඩි කිරීමට ද යෝජනා කර ඇති අතෙර, එය 7 ශ්‍රේණියේ සිට ඉහළට ඇති අනෙකුත් ශ්‍රේණි සඳහා ද අදාළ වේ.

සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයේ භාවිත වන පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත මොඩියුල, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට නියමිත අතර, ඒවා ඉදිරියේදී පාසල් වෙත බෙදා හැරෙනු ඇත.

යෝජිත විෂයන් 15න් 12ක් ම දැනට උගන්වන ගුරුවරුන් ඇති බවත්, අලුතෙන් හඳුන්වා දෙන ලද විෂයන් 3 සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සම්බන්ධ සැලසුම් සකස් කිරීමට ද බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යංශය යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.


| බීබීසී සිංහල

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද? | The Leader