The Leader News
BREAKING
"ආලන්දරිකා" ඇසුරින් ලිංගික බලය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක විචාරයක්●අමිතාබ් බච්චන් අසනීප බව පවසමින් රසිකයන්ගෙන් සමාව අයදියි●ජෝති පිළිබඳ චිත්‍රපටියක් කරන්නේ ඇයි…? - සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර පැහැදිලි කරයි●විදෙස් ප්‍රේෂණ සහ සංචාරක පැමිණීම් ඉහළට: සංචිත ශක්තිමත් වෙයි●අජිත් ධර්මපාලගේ නුවර නිවසට මැදියම් රැයේ ගිනි තබයි●සපුගස්කන්දෙන් ඩොලර් බිලියනයක් ඉතිරිවෙද්දී සිනොපෙක් ගිවිසුම අර්බුදයක●චෙම්මනි අන්තර්වාර වාර්තාව ප්‍රතික්ෂේප වෙයි: ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා 17 විරෝධතාවක්●ගල්ෆ් වාහන වෙළෙඳපොළට හම්බන්තොටින් නව ආරක්ෂිත මුහුදු මාවතක්●අඩුපීඩන අවදානම හමුවේ කොළඹ ගංවතුරට ඒකාබද්ධ මෙහෙයුමක්●ට්‍රිලියන 2ක හිල වහන්න 2027 අයවැයට පුළුවන්ද?●
Top Ad
පුවත්

අමිතාබ් බච්චන් අසනීප බව පවසමින් රසිකයන්ගෙන් සමාව අයදියි

Awara

Awara

November 9, 2026 • 2:27 PM

අමිතාබ් බච්චන් අසනීප බව පවසමින් රසිකයන්ගෙන් සමාව අයදියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අකුරින් පිළිතුරු ලියන්නට බැරි තරම් වේදනාවක් ලොව පුරා විසිරී සිටින රසික හදවත් ආදරයෙන් වැළඳගත් බොලිවුඩ් මහා සිනමා රූපය, අමිතාබ් බච්චන්, සිය සෞඛ්‍ය තත්ත්වය සහ ශාරීරික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ සටහනක් තබමින් ප්‍රථම වරට නිහඬතාව බිඳ තිබෙනවා.
  • සිය අතින් ලැබිය යුතු ලිපි පමාවීම හේතුවෙන් කිසිවෙකුගේ හෝ සිත රිදුණේ නම් ඒ වෙනුවෙන් තමන් දෑත් එක්කොට නිහතමානීව සමාව අයැදින බවයි 84 හැවිරිදි මෙම ප්‍රවීණ රංගන ශිල්පියා පවසන්නේ.
  • නොපිළිගතහොත් ඔවුන්ගේ සිතේ කැලඹීම ඉතිරි වේවි." ජීවිතය යනු ගැටලු හෝ වේදනාවන් තදින් අල්ලාගෙන දුක්විඳීම නොව, සමාව තුළින් සැනසිලිදායක සිතක් ළඟා කරගැනීම බව ඔහු සිය පාඨකයන්ට මතක් කර දෙනවා.
  • වයසට ඉඩ නොදෙන මනස හා වෙහෙසෙන ශරීරය නින්ද නොයාම සහ කාර්යබහුල වැඩසටහන් මාලාව හේතුවෙන් වහාම විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් පසුගිය මාසයේදී ඔහුට අවවාද කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අකුරින් පිළිතුරු ලියන්නට බැරි තරම් වේදනාවක්

ලොව පුරා විසිරී සිටින රසික හදවත් ආදරයෙන් වැළඳගත් බොලිවුඩ් මහා සිනමා රූපය, අමිතාබ් බච්චන්, සිය සෞඛ්‍ය තත්ත්වය සහ ශාරීරික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ සටහනක් තබමින් ප්‍රථම වරට නිහඬතාව බිඳ තිබෙනවා.

පසුගිය දීපවාලි උත්සවය වෙනුවෙන් නිවසට ගලා ආ දහස් සංඛ්‍යාත සුබපැතුම් සහ ආදරණීය ත්‍යාග තැන්පත් කිරීමට පවා ඉඩකඩ මදිවන තරම්. ඒ සෑම කෙනෙකුටම සුපුරුදු පරිදි සිය අත්අකුරින්ම පෙරළා ස්තුති ලිපි ලිවීමට ඔහු සැලසුම් කළද, ලියන අතෙහි හටගත් වේදනාව ඊට හරස් වී තිබෙනවා.

සිය අතින් ලැබිය යුතු ලිපි පමාවීම හේතුවෙන් කිසිවෙකුගේ හෝ සිත රිදුණේ නම් ඒ වෙනුවෙන් තමන් දෑත් එක්කොට නිහතමානීව සමාව අයැදින බවයි 84 හැවිරිදි මෙම ප්‍රවීණ රංගන ශිල්පියා පවසන්නේ.

"සමාව ඉල්ලීම වරදක් නෙවෙයි" – බච්චන්ගේ ජීවිත දර්ශනය

මෑතක සිට නිතර නිතර සමාව අයැදීමට සිදුවීම පිළිබඳව සිය නිල බ්ලොග් අඩවිය ඔස්සේ ඔහු ගැඹුරු සමාජීය සහ ආධ්‍යාත්මික කියවීමක යෙදෙනවා.

"තත්ත්වයන් විසින් මාව එවැනි තැනකට ඇද දමන විට සමාව ඉල්ලනවා හැර වෙන කුමක් කරන්නද? යමෙකුගෙන් සමාව අයැදීමේ කිසිදු වරදක් නැහැ. අනෙක් පාර්ශ්වයට එය ප්‍රතික්ෂේප කරන්න හෝ ආදරයෙන් බාරගන්න පුළුවන්. ඔවුන් එය පිළිගතහොත් මගේ සිතට සැනසිල්ලක් දැනේවි. නොපිළිගතහොත් ඔවුන්ගේ සිතේ කැලඹීම ඉතිරි වේවි."

ජීවිතය යනු ගැටලු හෝ වේදනාවන් තදින් අල්ලාගෙන දුක්විඳීම නොව, සමාව තුළින් සැනසිලිදායක සිතක් ළඟා කරගැනීම බව ඔහු සිය පාඨකයන්ට මතක් කර දෙනවා.

වයසට ඉඩ නොදෙන මනස හා වෙහෙසෙන ශරීරය

නින්ද නොයාම සහ කාර්යබහුල වැඩසටහන් මාලාව හේතුවෙන් වහාම විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් පසුගිය මාසයේදී ඔහුට අවවාද කර තිබුණා. දෛනික ව්‍යායාම පවා මඟහැරෙන තරමට ශරීරය අධික ලෙස වෙහෙසට පත්ව ඇති බව ඔහු පවසන්නේ උපහාස මුසු ස්වරයකින්.

"මනස කියන්නේ තව වැඩ කරන්න පුළුවන් කියලයි. ඒත් ශරීරය කියන්නේ 'හිටපන් යාලුවා, ඔය නාකි මනුස්සයට ඇතුළට එන්න දෙන්න එපා' කියලයි. කියන තරම් ලේසි නැතත්, මම තවමත් සටන අතහැරලා නැහැ."

'කෝන් බනේගා ක්‍රෝර්පති' නැවතත් තිරයට

බච්චන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ඔහු මෙහෙයවන අතිශය ජනප්‍රිය 'Kaun Banega Crorepati 18' වැඩසටහනේ අලුත් කථාංග විකාශය කිරීම පවා තාවකාලිකව නවතා දමන්නට නිෂ්පාදකයන්ට සිදු වුණා.

කෙසේ වෙතත්, රසිකයින්ට සතුටුදායක ආරංචියක් ගෙන එමින් තමන් ඉතා සෙමින් සුපුරුදු දින චර්යාවට අවතීර්ණ වෙමින් සිටින බව ඔහු තහවුරු කරනවා.

නිෂ්පාදන කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ නොවැම්බර් 11 වනදායින් පසු ඔහු යළිත් රූගත කිරීම් සඳහා එක්වනු ඇති බවත්, නොවැම්බර් 16 සිට අලුත් කථාංග ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන බවත්ය.


විශ්වාසනීය මූලාශ්‍ර සබැඳිය:
The Times of India පුවත් වාර්තාව :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...