තමා චිත්‍රපටයක් කරනවා නම් එය කරන්නේ තමා ගේ ආත්මය සුවපත් කරගැනීම සඳහා යැයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ මහාචාර්ය සංජීව පුෂ්පකුමාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ: ප්‍රවීණ, ජනප්‍රිය, සම්මානලාභී ගායක එච්. ආර්. ජෝතිපාල ගේ ජීවන ගමන අලළා නිර්මාණය කිරිමට බලාපොරොත්තු වන චිත්‍රපටිය පිළිබඳ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී ය.
මෙම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සංජීව පුෂ්පකුමාර පැවසුවේ චිත්‍රපට කිරීමෙන් මූල්‍ය ප්‍රතිලාභ ඉපයීමේ බලාපොරොත්තුවක් තමා තුළ නොපැවති බවයි. නමුත් එච්. ආර්. ජෝතිපාල පිළිබඳ නිර්මාණය කරන චිත්‍රපටිය සඳහා විශාල ප්‍රාග්ධනයක් යොදවන බැවින් චිත්‍රපටිය විශාල ප්‍රේක්ෂකාගාරයක් වෙත රැගෙන යෑම තමා ගේ වගකීම බවයි.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී මහාචාර්ය සංජීව පුෂපකුමාර, චිත්‍රපටයේ නිෂපාදක සහ එච්. ආර්. ජෝතිපාල ගේ පවුලේ ඥාතීන් අදහස් දැක්වූ සම්පූර්ණ වීඩියෝපටය යි.
සටහන - ජයසිරි අලවත්ත



