The Leader News
BREAKING
DIGINote : ජල මණ්ඩලයේ පාඩුව මැද: ADBයෙන් ඩොලර් මිලියන 300ක්●මහපොළට අහිමි වූ SLIIT යළි රජයට ගැනීමේ අර්බුදය●හමුදා පුහුණු භූමියකට කිරි ගවයන් යැවීමට බලධාරීන් නියම කිරීමෙන් ගොවීන් අමාරුවේ●රුවන්වැලි සෑයේ සත්‍යග්‍රහයට අධිකරණ තහනම තවදුරටත්: හිමිවරුන්ට නොතීසි●නුවරඑළියේ විදුහල්පති සම්මන්ත්‍රණයකදී මතභේදාත්මක සිදුවීමක්: පරීක්ෂණයක් ඇරඹෙයි●කොටස් වෙළඳපොළ යළි පිබිදෙයි: බිලියන 3.3ක් ඉක්මවූ ගනුදෙනු●සංවර්ධන අභිලාෂ හමුවේ විදෙස් ආයෝජන ඇනහිටීද?●2027 අයවැය: බදු සහන සහ මූල්‍ය විනය අතර තීරණාත්මක තුලනයක්●ඇමෙරිකානු පශු සම්පතට තර්ජනයක් වූ මස් කන පරපෝෂිතයා●අලි-මිනිස් අර්බුදයට හමුදා රැකවල්: 'හස්ති සේනා' නීතිගත කිරීමේ සූදානමක්●
Top Ad
පුවත්

හමුදා පුහුණු භූමියකට කිරි ගවයන් යැවීමට බලධාරීන් නියම කිරීමෙන් ගොවීන් අමාරුවේ

Nethmini

Nethmini

November 10, 2026 • 9:06 AM

හමුදා පුහුණු භූමියකට කිරි ගවයන් යැවීමට බලධාරීන් නියම කිරීමෙන් ගොවීන් අමාරුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදිකයන්ගෙන් අක්කර දහස් ගණනක තෘණභුමි ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තුන් වසරක් තිස්සේ කරන අඛණ්ඩ විරෝධතාවට සාධනීය විසඳුමක් ලබා දීම සදහා රජය තව දුරටත් කල් මැරීමෙන් සිංහල ගොවීන්ට වගා පාළු ගෙවීමට සිදුවීම නිසා නැගෙනහිර පළාතේ කිරි ගොවීහු දැඩි පීඩනයකට ලක්ව සිටිති.
  • එම කැලය යුද හමුදාව ඔවුන්ගේ පුහුණුවීම් සදහා භාවිතයට ගන්නා භුමියක් බැවින් එම භුමියේ තණ කෑමට කිරි ගවයන් බියක් දක්වන බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් පෙන්වා දෙයි.
  • අදත් ආයෙත් පොලීසියට එන්න කිව්වා.මම අද පොලීසියට ගියාම, මගේ හරක් වගාබිම්වලට හානි කරලා තියෙන නිසා වන්දි විදිහට රුපියල් 35,000ක් ගෙවන්න ඕන කියලා පොලීසියෙන් කිව්වා.
  • මගේ ළඟ එච්චර මුදලක් නැහැ කියලා කිව්ව නිසා, අන්තිමේදී රුපියල් 12,000ක් ගෙවන්න එකඟ වෙලා මම ආවා.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදිකයන්ගෙන් අක්කර දහස් ගණනක තෘණභුමි ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තුන් වසරක් තිස්සේ කරන අඛණ්ඩ විරෝධතාවට සාධනීය විසඳුමක් ලබා දීම සදහා රජය තව දුරටත් කල් මැරීමෙන්  සිංහල ගොවීන්ට වගා පාළු ගෙවීමට සිදුවීම නිසා නැගෙනහිර පළාතේ කිරි ගොවීහු දැඩි පීඩනයකට ලක්ව සිටිති.

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් සදහා අක්කර 1500 ට වැඩි තණ බිම් ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහවැලි අධිකාරියට පසුගිය මැයි මාසයේ දී ලබා දුන් නියෝග එම අධිකාරිය විසින් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා කරදියනාරු පොලිසිය මෙන්ම  දිස්ත්‍රික් ලේකම්වරයාද කිරි ගොවීන්ට දැනුම් දී ඇත්තේ තණ පිට්ටනි සමීපයෙන් ඇති කැලය කිරි ගවයන්ට තණ කැවීම සඳහා තාවකාලිකව භාවිතයට ගන්නා ලෙසයි.

එම කැලය යුද හමුදාව ඔවුන්ගේ පුහුණුවීම් සදහා භාවිතයට ගන්නා භුමියක් බැවින් එම භුමියේ තණ කෑමට කිරි ගවයන් බියක් දක්වන බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් පෙන්වා දෙයි.

"අපිව බය කරනවා; වන්දි ගෙවන්න බල කරනවා"

තණ කෑම සදහා ගවයන් කැලයට දක්වාගෙන යෑම මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළුවට විසදුමක් නොවන බව පෙන්වා දෙන ප්‍රදේශයේ කිරි ගොවියකු වන කන්දප්පු යෝගලිංගම් අවධාරණය කරන්නේ සිය කිරි ගවයන් කෘෂිකාර්මික භුමියට හානි කළ බවට සිංහල ගොවීන් විසින් සිදු කළ පැමිණිල්ලක් හමුවේ තමන්ට වගා පාළු පවා ගෙවීමට සිදු වු බවයි.

"සිංහල ගොවියන් මගේ දෙන්නු අල්ලලා තියාගෙන පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. ඊයේ මට පොලීසියට එන්න කියලා ප්‍රශ්න කළා. අදත් ආයෙත් පොලීසියට එන්න කිව්වා.මම අද පොලීසියට ගියාම, මගේ හරක් වගාබිම්වලට හානි කරලා තියෙන නිසා වන්දි විදිහට රුපියල් 35,000ක් ගෙවන්න ඕන කියලා පොලීසියෙන් කිව්වා. මගේ ළඟ එච්චර මුදලක් නැහැ කියලා කිව්ව නිසා, අන්තිමේදී රුපියල් 12,000ක් ගෙවන්න එකඟ වෙලා මම ආවා. මගේ හරක් 10ත් 15ත් අතර ප්‍රමාණයක් ඒ ගොල්ලෝ බැඳලා තියාගෙන හිටියා. එක එළදෙනකුයි, පැටියෙකුයි ඇරෙන්න අනික් හරක් ආපහු ඇවිත් තියෙනවා. ඒ දෙන්නව නිදහස් කළා කියලා ඔවුන් කියනවා. නමුත් මේ වෙනකම් ඒ සත්තු දෙන්නා ආපහු ඇවිත් නැහැ."

"මේකට වගකියන්නේ කවුද? පොලීසියත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. අපිව විතරයි බය කරන්නේ. වන්දි ගෙවන්න කියලා බල කරනවා," යි කන්දප්පු යෝගලිංගම් කිරි ගොවියා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් අවධාරණය කළේය.

වනසතුන් සහ හමුදා වෙඩි හඬ මැද ගව පාලනය

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කිරි ගවයන්ට තණ කෑම සදහා ප්‍රදේශයේ ඉඩම් බලධරයා සහ පොලීසිය විසින් යෝජනා කර තිබෙන කැලෑ ප්‍රදේශයේ ජීවත් වන අලි සහ කොටින්ගෙන් ද සිය ගවයන්ට තර්ජනයක් පවතින බවයි.

"ඒ කැලෑවල අලි, කොටි වගේ සත්තුත් ඉන්නවා. ඒ සතුන්ගෙන් අපේ හරකුන්ගේ ජීවිතවලටත් තර්ජනයක් තියෙනවා. කැලෑවලත් තණකොළ අඩුයි. හරකුන්ට කන්න තරම් කෑම නැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම්, පොලීසිය ඇතුළු හැමෝම අපට කියන්නේ කැලෑවලට ගිහින් ගවයන් දක්කන්න කියලයි. අපට නීත්‍යනුකූලව තණබිම් ලබාදෙන තුරු මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ අතරේ කැලෑව ඇතුලේ හමුදාවත් පුහුණුවීම් කරනවා. හමුදා සෙබළුන්ව දැක්කම අපේ හරක් බය වෙලා කලබල වෙලා දුවනවා."

ජනපති නියෝගයත් හමස්පෙට්ටියට: තුන් වසරක අරගලය

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් වසර තුනක පමණ කාලයක සිට පෙන්වා දෙන්නේ සිය දෙනුන්ට තණ  කැවීම සඳහා භාවිත කළ අක්කර 7000 ක වැඩි  භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල වගා කරුවන් විසින්  බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.

2026 මැයි මස 20 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් සදහා අක්කර 1570 ක් නිදහස් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට කළ නියෝග මේ දක්වාම ක්‍රියාත්මක වී නොමැත.

මයිලත්තමඩු මාදවනෙයි සාම්ප්‍රදායික කිරි ගොවියන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණ කැවීම සදහා අක්කර 7700 ට අධික තෘණ භුමියක් භාවිතයට ගෙන තිබේ. එම භුමියෙන් ඉඩම් අක්කර 4000 ට ආසන්න ප්‍රමාණයකට මහවැලි සංවර්ධන අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකම් කියන අතර කිරි ගොවීන් ඉල්ලා සිටින්නේ ඉතිරි අක්කර 3500 ට වැඩි ප්‍රමාණය තෘණ භුමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ඉතා කඩිනමින්  ප්‍රකාශයට පත් කරන ලෙසයි.

අවුරුදු තුනකට ඉහතදී මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටින් දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව 2023 සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් දින දෙකකට පසුවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...