The Leader News
BREAKING
2027 අයවැය: බදු සහන සහ මූල්‍ය විනය අතර තීරණාත්මක තුලනයක්●ඇමෙරිකානු පශු සම්පතට තර්ජනයක් වූ මස් කන පරපෝෂිතයා●අලි-මිනිස් අර්බුදයට හමුදා රැකවල්: 'හස්ති සේනා' නීතිගත කිරීමේ සූදානමක්●ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් කර්මාන්තය අර්බුදයක●අයවැය, ආර්ථිකය සහ ගංවතුර ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්●'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි●Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●
Top Ad
Economy

2027 අයවැය: බදු සහන සහ මූල්‍ය විනය අතර තීරණාත්මක තුලනයක්

Pasan

Pasan

November 9, 2026 • 10:13 PM

2027 අයවැය: බදු සහන සහ මූල්‍ය විනය අතර තීරණාත්මක තුලනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේග (NPP) රජයේ 2027 මහා අයවැය ලේඛනය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
  • ඩොලර් බිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් නිමාවට පත්වීමට නියමිතය.
  • බදු දැල පුළුල් කිරීම සහ මධ්‍යම පාන්තික සහන නව බදු බරක් ජනතාව පිට නොපැටවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පෙන්වා දෙයි.
  • වැටුප් ලබන මධ්‍යම පාන්තිකයන්ට සහනයක් ලෙස උපයනවිට ගෙවීමේ (PAYE) බදු නිදහස් සීමාව මීට පෙර රුපියල් 100,000 සිට 150,000 දක්වා ඉහළ දැමූ අතර, එය රුපියල් 200,000 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේග (NPP) රජයේ 2027 මහා අයවැය ලේඛනය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

ජීවන වියදමෙන් හෙම්බත් වූ ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට සහන සලසන අතරම, බිඳවැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය මූල්‍ය විනය බිඳ නොදමා පවත්වා ගැනීම මෙවර අයවැයේ ප්‍රධාන අභියෝගයයි.

ඩොලර් බිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් නිමාවට පත්වීමට නියමිතය. වියදම් කපාහරිමින් බදු වැඩි කළ ‘අර්බුද කළමනාකරණ’ රාමුවෙන් මිදී, සංවර්ධනය, රැකියා උත්පාදනය සහ ඉලක්කගත සුබසාධනය වෙත ගමන් කිරීමට රජය දැන් සැලසුම් කරයි.

බදු දැල පුළුල් කිරීම සහ මධ්‍යම පාන්තික සහන

නව බදු බරක් ජනතාව පිට නොපැටවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පෙන්වා දෙයි. ඒ අනුව සමාගම් බදු මෙන්ම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) තවදුරටත් ඉහළ නොදමා පවත්වා ගැනීමට නියමිතය.

වැටුප් ලබන මධ්‍යම පාන්තිකයන්ට සහනයක් ලෙස උපයනවිට ගෙවීමේ (PAYE) බදු නිදහස් සීමාව මීට පෙර රුපියල් 100,000 සිට 150,000 දක්වා ඉහළ දැමූ අතර, එය රුපියල් 200,000 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

විදුලි බිල, ප්‍රවාහනය සහ දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉහළ ගොස් ඇති මොහොතක, රුපියල් ලක්ෂ දෙකකට අඩු වැටුපක් ලබන මධ්‍යම පාන්තිකයන්ට මෙමගින් සෘජු මූල්‍ය සහනයක් හිමිවනු ඇත.

සූර්ය බලශක්තිය, අස්වැසුම සහ තරුණ පුහුණුව

අඩු ආදායම්ලාභී පවුල්, ධීවර ප්‍රජාව සහ සුළු පරිමාණ ගොවීන් වෙනුවෙන් ඉලක්කගත ඉන්ධන හා විදුලි සහනාධාර ලබාදීමටත්, 'අස්වැසුම' මුදල් ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කිරීමටත් යෝජනා සකස් වෙමින් පවතී.

ගෘහස්ථ විදුලි වියදම ස්ථිර ලෙස අඩුකර ගැනීම උදෙසා සූර්ය බලශක්ති බැටරි (Solar Batteries) සවිකිරීම සඳහා බදු නිදහස් කිරීම් හා සහනදායී ණය පහසුකම් සැලසීම විශේෂ යෝජනාවකි.

තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ (IT) සහ වෘත්තීය නිපුණතා සංවර්ධනයට අයවැයෙන් වෙන්කෙරෙන ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද නියමිතය.

2.6% මූලික අතිරික්තය රැකගැනීමේ අභියෝගය

මෙහිදී මතු වන ප්‍රධානම ආර්ථික ගැටලුව වන්නේ, සහන ලබාදෙන අතරතුර රාජ්‍ය ණය පොලී ගෙවීමට පෙර ලැබෙන ආදායම වියදමට වඩා 2.6%ක අතිරික්තයක් (Primary Surplus) ලෙස පවත්වා ගැනීමේ IMF ඉලක්කය රැකගන්නේ කෙසේද යන්නයි.

2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%ක් වූ රාජ්‍ය ආදායම මේ වන විට 15.4%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබේ.

නීතිගරුකව බදු ගෙවන සේවකයන් මතම දිගින් දිගටම බර පැටවීම වෙනුවට බදු පැහැර හරින්නන් නීතියට හසුකර ගැනීම, බදු නිදහස් කිරීම් විධිමත් කිරීම සහ රාජ්‍ය ආදායම් කාන්දුවීම් නැවැත්වීම අනිවාර්ය සාධක බවට පත්ව ඇත.

නොවැම්බර් 12 වැනිදා එළිදක්වන 2027 අයවැය ලේඛනය, මූල්‍ය විනය සහ ජනතා අපේක්ෂා එකට ගැළපීමේ වඩාත්ම තීරණාත්මක පරීක්ෂණය වනු නොඅනුමානය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...