The Leader News
BREAKING
Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●අයවැය පොරොන්දු ඉටුකිරීමේ වසර 8ක ඉහළම ප්‍රගතියක් - 'වෙරිටේ රිසර්ච්'●Diginote : විදේශ සංචිත ඩොලර් බිලියන 7.08ට: බැඳුම්කරවලින් විදේශිකයෝ පලායති●'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්●සයිමන් සහ සර්පයා●පිළිකාව නිට්ටාවට සුව කරන ඔසු ඇත්තටම තියෙනවද?●
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!

Awara

Awara

November 9, 2026 • 4:59 PM

ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ඇල්ජීරියානු බොක්සිං ශූරී ඉමාන් කලීෆ් දෙසැම්බර් 15 වැනිදා ප්‍රථම වතාවට වෘත්තීය බොක්සිං දිවියට පිවිසෙනවා.
  • වට හයකින් සමන්විත වෘත්තීය තරගයේ ඇගේ ප්‍රතිවාදියා වන්නේ නෙදර්ලන්තයේ 21 හැවිරිදි බොක්සිං ක්‍රීඩිකා ක්ලැරිඩා සරබියා.
  • මීට හේතු වී තිබුණේ කලීෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය ඇය 2023 ලෝක ශූරතාවලියෙන් ඉවත් කර තිබීමයි.
  • බොක්සිං වළල්ලෙන් ඈත්ව සිටීමේ දෙවසරකට වැඩි දුෂ්කර කාලය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී ආවර්ජනය කළ කලීෆ්, තමා කිසිවිටකත් තමාගේ ආගමනය වෙනුවෙන් වෙහෙසීම නතර නොකළ බව අවධාරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ඇල්ජීරියානු බොක්සිං ශූරී ඉමාන් කලීෆ් දෙසැම්බර් 15 වැනිදා ප්‍රථම වතාවට වෘත්තීය බොක්සිං දිවියට පිවිසෙනවා.

27 හැවිරිදි කලීෆ් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව ඇයගේ පළමු සටන ප්‍රංශ අගනගරයේදී ම සිදුවීම විශේෂත්වයක්. වට හයකින් සමන්විත වෘත්තීය තරගයේ ඇගේ ප්‍රතිවාදියා වන්නේ නෙදර්ලන්තයේ 21 හැවිරිදි බොක්සිං ක්‍රීඩිකා ක්ලැරිඩා සරබියා. කලීෆ් සමග සටනට සරබියා පැරිස් බොක්සිං වළල්ලට පා තබන්නේ ජයග්‍රහණ හතරක අපරාජිත වෘත්තීය වාර්තාවක් සමගයි.

කලීෆ් ට ප්‍රංශයේ බොක්සිං සම්මේලනය විසින් නිකුත් කරන ලද වෘත්තීය බලපත්‍රයක් තිබෙනවා.

කලීෆ් මීට පෙර ජූලියා ඉගල් සමග අප්‍රේල් මාසයේ තරග කිරීමට නියමිතව තිබුණත් ආබාධයක් හේතුවෙන් එම තරගයෙන් ඉවත් වීමට ඇයට සිදුවුණා.

ඇය එන්නේ දිගු කලකින් පසුවයි

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා වෙල්ටවේට් අංශයේ ඇයගේ විජයග්‍රහණයෙන් පසුව කලීෆ් නිල තරගයකට සහභාගි වී නැහැ.

ඇගේ රන් ජයග්‍රහණය වාර්තා වුණේ එම තරගාවලියට සහභාගි වීම පිණිස ඇයට තිබෙන සුදුසුකම සම්බන්ධයෙන් හටගෙන තිබූ ප්‍රබල මතභේදය මධ්‍යයේයි.

මීට හේතු වී තිබුණේ කලීෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය ඇය 2023 ලෝක ශූරතාවලියෙන් ඉවත් කර තිබීමයි. ඇගේ ලිංගික ක්‍රෝමසොම පරීක්ෂණ මත සංගමය මේ තීරණය ගෙන තිබුණා.

බොක්සිං වළල්ලෙන් ඈත්ව සිටීමේ දෙවසරකට වැඩි දුෂ්කර කාලය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී ආවර්ජනය කළ කලීෆ්, තමා කිසිවිටකත් තමාගේ ආගමනය වෙනුවෙන් වෙහෙසීම නතර නොකළ බව අවධාරණය කළා.

“දින සති බවට පත්ව සති මාස බවට පත්වුණා. මම සැකයෙන් යුතුව බලා සිටියා. නමුත් මගේ අභ්‍යන්තරයේ තිබුණු සටන්කාමිත්වය කවදාවත් මිය ගියේ නැහැ. අගුළු දැමූ දොරවල් පිටුපස සිටිමින් මම දිගටම සටන් කළා” යනුවෙන් කලීෆ් කියා සිටියා.

තමාගේ බොක්සිං දිවියට වඩා ලොකු තේරුමක් තමාගේ ආගමනයේ තිබෙන බව ඇය විස්තර කළා.

“මොකද, මේ සටන කවරවිටකවත් මගේ පමණක් වුනේ නැහැ. එය පසුබැසීම ප්‍රතික්ෂේප කළ සියලු දෙනා වෙනුවෙන් කළ සටනක්. වෘත්තීය තරග බිමට එන්න දැන් කාලය ඇවිත් තියෙනවා” ඇය පැවසුවා.


2028 ඔලිම්පික් සහභාගිත්වය අවිනිශ්චිතයි

බොක්සිං ක්‍රීඩාවේ ස්ත්‍රී - පුරුෂ සුදුසුකමේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන විවාදය හේතුවෙන් ඔලිම්පික් බොක්සිං වළල්ලේ කලීෆ්ගේ අනාගතය තිබෙන්නේ අපැහැදිලි තත්ත්වයකයි.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං ක්‍රීඩාව අධීක්ෂණය කරන ලෝක බොක්සිං ආයතනය ඔවුන්ගේ තරගාවලියන්ට සහභාගි වීමේදී ජානමය පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ පරීක්ෂණ පවත්වනවා නම් පමණක් තමා ජානමය පරීක්ෂණවලට මුහුණ දීමට කැමති බවට කලීෆ් පෙබරවාරියේ ප්‍රකාශ කළා.

ඔලිම්පික් ශූරතාව 2028දී රැක ගන්නවාදැයි ඇගෙන් ඇසූ ප්‍රශ්නයට, “මට ඒකට උත්තර දෙන්න බැහැ. මොකද, ජානමය පරීක්ෂණ පිළිබඳව ලෝක බොක්සිං ආයතනයට එරෙහිව මම පැමිණිලි ගොනුකර තිබෙන නිසා” යනුවෙන් ඇය වාර්තාකරුවන්ට කියා සිටියා.

කෙසේ වෙතත්, තවත් ඔලිම්පික් පෙනී සිටීමක් විය නොහැකි දෙයක් බව ඇගේ පුහුණුකරු කමෙල් අබ්ඩෙසෙලම් පවසනවා.


“නැවත වතාවක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කරන්න ඇගේ කැමැත්තක් නැහැ. ඇය දැනටමත් ඔලිම්පික් ශූරියක්” යැයි ඔහු කියනවා.

මොහමඩ් අලි ට සමානයි

තමාගේ බොක්සිං ක්‍රීඩිකාව මොහමඩ් අලි ට සමාන කරන පුහුණුකරු, තරග තුනක් සහ පහක් ඇතුළත කලීෆ් ලෝක ශූරතාවක් දිනා ගනු ඇති බවට විශ්වාසය පළ කරනවා.

“අපට අවශ්‍ය වන්නේ කලීෆ්ව ලෝකයේ ඉහළින්ම තියන්නයි” අබ්ඩෙසෙලම් සඳහන් කරනවා.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...