The Leader News
BREAKING
අයවැය, ආර්ථිකය සහ ගංවතුර ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්●'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි●Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●අයවැය පොරොන්දු ඉටුකිරීමේ වසර 8ක ඉහළම ප්‍රගතියක් - 'වෙරිටේ රිසර්ච්'●Diginote : විදේශ සංචිත ඩොලර් බිලියන 7.08ට: බැඳුම්කරවලින් විදේශිකයෝ පලායති●'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්●
Top Ad
පුවත්

අයවැය, ආර්ථිකය සහ ගංවතුර ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්

Pasan

Pasan

November 9, 2026 • 8:44 PM

අයවැය, ආර්ථිකය සහ ගංවතුර ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
  • එහිදී රට හමුවේ ඇති ආර්ථික පසුබෑම, අයවැය කළමනාකරණය, මෑතකදී ඇති වූ නාගරික ගංවතුර තත්ත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ කරුණු පැහැදිලි කළහ.
  • පීරිස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් පවතින බවයි.
  • දෙවැනි කාර්තුවේ පැවැති 5.8%ක සංවර්ධනය 2026 දෙවන කාර්තුව වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව, 2008 වසරේ පැවැති ආර්ථික ප්‍රමාණයට වඩා 2%ක අඩුවීමක් අද වන විට පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී රට හමුවේ ඇති ආර්ථික පසුබෑම, අයවැය කළමනාකරණය, මෑතකදී ඇති වූ නාගරික ගංවතුර තත්ත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ කරුණු පැහැදිලි කළහ.

img-20261109-204458-mceclip0-yfFsGj.jpg

ආර්ථික සංකෝචනය සහ උද්ධමනයේ බරපතලකම

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් පවතින බවයි. 2025 දෙවැනි කාර්තුවේ පැවැති 5.8%ක සංවර්ධනය 2026 දෙවන කාර්තුව වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව, 2008 වසරේ පැවැති ආර්ථික ප්‍රමාණයට වඩා 2%ක අඩුවීමක් අද වන විට පෙන්නුම් කරන බව ඔහු පැවසීය.

මාසයෙන් මාසය ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවගේ ඉතිරි කිරීමේ හැකියාව මෙන්ම මුදල්වල වටිනාකමද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ඔහු සඳහන් කළේය. ජූනි මාසයේ 6.3%ක් ලෙස පැවැති උද්ධමනය අගෝස්තු වන විට 8% දක්වාත්, ආහාර උද්ධමනය 8.5% දක්වාත් ඉහළ ගොස් ඇති අතර, උද්ධමනයේ දරුණු බව නිසා අවුරුදු 9ක් ගතවන විට ජනතාවගේ වත්කම්වලින් 50%ක් අඩුවී යාමට නියමිත බවද ඔහු පෙන්වා දුන්නේය.

රුපියල කඩා වැටීම සහ තරුණ විරැකියාව

වත්මන් රජය බලයට පත්වන විට 2024 ඔක්තෝබර් මාසයේදී රුපියල් 293ක් ලෙස පැවැති ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 45ක පමණ පහත වැටීමක් බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ඉන්ධන, පරිප්පු, ලූණු, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෑම ඩොලරයකටම අමතරව රුපියල් 45ක් වැය කිරීමට සිදුව තිබෙන අතර, විදේශ ණය ගණනය කිරීමේදී ද මේ වැඩිවීම දැඩි ලෙස බලපායි.

ආර්ථිකය කුඩා වීම, උද්ධමනය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ නව රැකියා උත්පාදනය ඇණහිට ඇති බවත්, අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පිරිස අතර විරැකියාව 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය. එය ආසියාවේ ඉහළම තරුණ විරැකියා අනුපාතය ලෙස සටහන් වන අතර, රැකියා නොමැති උපාධිධාරීන්ගෙන් 50%ක් පමණ රට අත්හැර යාමට අපේක්ෂා කළද බටහිර රටවල සංක්‍රමණික සීමා නිසා එයද අද අඩපණ වී තිබේ.

අයෝජන හිඟය, අයවැය ප්‍රතිපාදන සහ වාහන ආනයන අර්බුදය

පසුගිය වසර දෙක තුළ මෙරටට කිසිදු මහා පරිමාණ විදේශ ආයෝජනයක් පැමිණ නැති බවත්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව ආයතනික සම්බන්ධීකරණ දුර්වලතා, අපැහැදිලි ප්‍රතිපත්ති සහ බදු ක්‍රමවේද නිසා ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අහිතකර පරිසරයක් ලෙස හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල්වලින් සැප්තැම්බර් වන විට වියදම් කර ඇත්තේ 28%ක් පමණක් බවත්, 'දිට්වා' ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වෙන් කළ රුපියල් බිලියන 500න් මෙතෙක් වියදම් කර ඇත්තේ 8%ක් පමණක් බවත් ඔහු අනාවරණය කළේය.

2025 වසරේදී කිසිඳු සැලැස්මක් නොමැතිව සුඛෝපභෝගී වාහන ආනයනය නැවත විවෘත කිරීම නිසා රට සතුව තිබූ විශාල විදේශ සංචිත ප්‍රමාණයක් පිටතට ඇදී ගිය බව පෙන්වා දුන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඉදිරි නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය තුළින් මේ දැවෙන ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

img-20261109-204527-mceclip1-RxMtXT.jpg

රාජ්‍ය ණය බර, මර්දනය සහ ආර්ථික බිඳවැටීමේ අවදානම

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ පවතින අසාර්ථකත්වය හේතුවෙන් රට යළිත් 2022 වසරේ අර්බුදය හා බංකොලොත්භාවය කරා ගමන් කරමින් තිබෙන බවයි. විහාරමහාදේවි උද්‍යානයේ සහ අනුරාධපුරයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදු වූ ප්‍රහාර හෙළා දකින බව පැවසූ ඔහු, මෙවැනි මර්දනකාරී ක්‍රියා හේතුවෙන් GSP+ බදු සහනය පවා අහිමි වීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.

රුපියල් ට්‍රිලියන 29.5ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ට්‍රිලියන 32 දක්වාත්, විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 12.7ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත්, බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙරට මධ්‍යම පන්තිය 72% සිට 57% දක්වා පහත වැටී ඇති බවත් ඔහු පැවසීය. ඉන්ධන සහ ගෑස් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක නිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් ඉදිරි මාස කිහිපය තුළ රට යළිත් බංකොලොත්භාවයට පත්වීම වැළැක්විය නොහැකි බව හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

img-20261109-204546-mceclip2-AwXCvN.jpg

නාගරික කාණු පද්ධති අවහිරය සහ කොළඹ ජල ගැලීම්

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වැසි සමයේ කොළඹ, මහනුවර හා අවිස්සාවේල්ල ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්වලට ප්‍රධාන ගංගා පිටාර යාමක් හෝ ඉඩම් සංවර්ධන සංස්ථාව යටතේ පවතින ඇළ මාර්ගවල ගැටලුවක් බලනොපෑ බවයි. කොළඹ මහනගර සභාව නඩත්තු කළ යුතු කාණු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීම සහ පසුගිය වසර දෙක තුළ නිසි නඩත්තුවක් නොවීම මෙයට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ ඇළ මාර්ග පැයකට මිලිමීටර් 120ක සහ දිනකට මිලිමීටර් 476ක වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි සකස් කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීමෙන් පෙනී යන්නේ නගර සභාවේ සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියේ දුර්වලතාව බව ඔහු පැවසීය. නාගලම් වීදිය සහ ශාන්ත සෙබස්තියන් පොම්පාගාර නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, අඹතලේ පොම්පාගාරයට ඩීසල් නොමැති වීම වැනි බරපතල පරිපාලන අතපසුවීම් රැසක් සිදු වූ බවද ඔහු අනාවරණය කළේය.

මහා පරිමාණ නාගරික ව්‍යාපෘති සහ අතහැර දැමූ සැලසුම්

යහපාලන රජය සමයේ නාගලම් වීදිය ඇළ මාර්ගය පිළිසකර කර පොම්පාගාර ඉදිකිරීම, පැල්පත්වාසීන්ට නිවාස ලබා දීම, ඕලන්ද යුගයෙන් පසු නොරිස් කැනල් හරහා උමන් මාර්ගයක් සහ නිදහස් චතුරශ්‍රයේ සිට මුහුද දක්වා උමන් මාර්ග ඉදිකිරීම ඇතුළු විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බව පාඨලී චම්පික රණවක මහතා සිහිපත් කළේය. ව්‍යාපෘති 26ක් අනුමත කර 11ක් නිම කළද ඉතිරි ඒවා වත්මන් පාලනය යටතේ ක්‍රියාත්මක නොවූ බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තු පාර සහ කිරිමණ්ඩල පාර යාකරමින් ඉදිකළ ගංවතුර නිරීක්ෂණ දත්ත මධ්‍යස්ථානය (Data Center) මැණික් හා ස්වර්ණාභරණ ආයතනයට කුලියට දී ඇති බවත්, බේස්ලයින් සහ නාවල මාර්ග හාරා අතහැර දැමීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් ඔහු පැවසීය. මහනුවර දුනුමඩලාව ජල යෝජනා ක්‍රමයේ මීටර් 500ක උමග සම්පූර්ණ කරගත නොහැකි වීමෙන් දුම්රිය ස්ථානය සහ මහ රෝහල ජලයෙන් යට වූ බවත්, කෙරවලපිටිය කසළ ව්‍යාපෘතිය අතහැර දමා ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා, කුඩා කාණු පද්ධති හෝ සුද්ද පවිත්‍ර කර නඩත්තු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතික අනන්‍යතාව සහ අධ්‍යාපන ප්‍රතිපාදන

හිටපු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අදහස් දක්වමින්, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා හමුවේ ආණ්ඩුවට පනත් දෙකක් තාවකාලිකව නැවැත්වීමට සිදුවීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව පැවසීය. නැවත එම පනත් ගෙන එන්නේ නම් මහජන මතය සහ සිවිල් ප්‍රජාවේ අදහස් විමසා සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේ නමකට සිදුවූ අකටයුත්ත හෙළා දකින බවත්, අනුරාධපුරය, මහනුවර සහ ගාල්ල වැනි ඓතිහාසික නගර 'රීබ්‍රෑන්ඩින්' කිරීමේ නමින් සංස්කෘතික අනන්‍යතාව විනාශ නොකළ යුතු බවත් ඔහු පැවසීය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට ඉල්ලුවද මේ වසරේ වෙන් කර ඇත්තේ 1.97%ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා, පොරොන්දු ඉටු කිරීමට නොහැකි නම් තවදුරටත් රට අර්බුදයට නොදමා බලයෙන් ඉවත් වන ලෙස රජයට ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශිරාස් යූනුස් මහතා ද සහභාගි විය.

වැඩිදුර තොරතුරු සහ වීඩියෝ වාර්තා:

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස්ගේ අදහස් දැක්වීම

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අදහස් දැක්වීම

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ අදහස් දැක්වීම

හිටපු අමාත්‍ය සුරේන් රාඝවන්ගේ අදහස් දැක්වීම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...