දෙමළ ජනයාට ස්වයං තීරණය අයිතිය දිනා දීම වෙනුවෙන් අඩසිය වසකට ආසන්න කාලයක් සටන් වැදුණු මහාලිංගම් කනකලිංගම් සිවාජිලිංගම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අවසන් කටයුතු අද දින ඔහු උපන් ප්‍රදේශයේ දී මහත් ජන සහභාගිත්වයකින් යුතුව සිදු කරනු ලැබුවා.
අභාවප්‍රාප්ත වු දෙමළ ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දේහයට යාපනයේ නෙඩියකාඩුහි, කැල්රෝඩ් වීදියේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේ දීත්, වැල්වැටිතුරෙයි මංසන්ධියේදීත් මහජන ගෞරව දැක්වීම සඳහා දෙස් විදෙස් දේශපාලන නායකයන් පැමිණි සිටි බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරනවා.
ඒ අතර ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රී තෝල් තිරුමාවලන්ද දේහයට මල් මාලයකින් බුහුමන් දක්වනු දකින්නට ලැබුනා.
වැල්වැටිතුරෙයි ඌරණි හින්දු සුසාන භූමියේදී අද පස්වරුවේ ඔහුගේ දේහය ආදාහනය කෙරුණු දවස පුරා නගරයේ කඩසාප්පු වසා තිබුනා.
තම අරගලයේ යුක්ති සහගත භාවය සිංහල බසින් පහදා දෙන්නට වීරිය කළ දෙමළ ජන නායකයන් කිහිප දෙනා අතරේ සිවාජිලිංගම්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්.
දෙවතාවක්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වසර කිහිපයක් රෝගාතුරව හිඳ සෙනසුරාදා රාත්‍රියේ දිවි සැරිය නිමා කරන විට 69 වැනි වියේ පසුවුනා.
ඔහු පේදුරුතුඩුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී නොවැම්බර් 10 වැනිදා නිවසට පැමිණි ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් ඔහුගේ බිරිඳගෙන් දැඩි ලෙස ප්‍රශ්න කොට මුලතිව් අධිකරණයේ දෙසැම්බර් 18 දා පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසියක් බාර දී තිබෙනවා.
මිය යන විට දෙමළ ජාතික පක්ෂයේ මහලේකම්වරයා වු එම්.කේ සිවාජිලිංගම් උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු මෙන්ම වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයකු ලෙසද කටයුතු කළ අයෙක්.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2001 සහ 2004 වසරවලදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු සිය දේශපාලන දිවිය ආරම්භ කර තිබුනේ තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) සාමාජිකයකු ලෙසින්.
යුද්ධයෙන් මරුමුවට පත් දෙමළ සටන්කාමීන් සිහිපත් කිරීම සඳහා ආණ්ඩුවේ තහංචි නොතකා මහවිරු සමරු සංවිධානය කිරීම නිසා සිවාජි හිරේ විලංගුවේ වැටුනේ වරක්, දෙකක් නොවේ.
රාජ්‍ය අනුග්‍රහය ලත් සිංහල මැරයන් 83 කළු ජූලියේදී රටපුරා මාරාන්තික ප්රචණ්ඩත්වයක් අවුලුවද්දී, වැලිකඩ බන්ධනාගාරය තුලදී 50කට අධික දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් දස වධදී මරා දමන ලදී. ඔවුන්ගේ මළ සිරුරු වලට කුමක් කළේදැයි බලධාරීන් අද වනතුරුත් හෙළි කර නැත. දැඩි අයහපත් සෞඛ්‍ය තත්වය මධ්‍යයේ පවා එම්. කේ සිවාජිලිංගම් හෙලිදරව් කළ පරිදි ඒ සිරුරු රහසිගතව වල දමා ඇත්තේ බොරැල්ල කනත්තේ.
දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි
Awara
November 16, 2026 • 5:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දෙමළ ජනයාට ස්වයං තීරණය අයිතිය දිනා දීම වෙනුවෙන් අඩසිය වසකට ආසන්න කාලයක් සටන් වැදුණු මහාලිංගම් කනකලිංගම් සිවාජිලිංගම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අවසන් කටයුතු අද දින ඔහු උපන් ප්‍රදේශයේ දී මහත් ජන සහභාගිත්වයකින් යුතුව සිදු කරනු ලැබුවා.
- අභාවප්‍රාප්ත වු දෙමළ ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දේහයට යාපනයේ නෙඩියකාඩුහි, කැල්රෝඩ් වීදියේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේ දීත්, වැල්වැටිතුරෙයි මංසන්ධියේදීත් මහජන ගෞරව දැක්වීම සඳහා දෙස් විදෙස් දේශපාලන නායකයන් පැමිණි සිටි බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරනවා.
- දෙවතාවක්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වසර කිහිපයක් රෝගාතුරව හිඳ සෙනසුරාදා රාත්‍රියේ දිවි සැරිය නිමා කරන විට 69 වැනි වියේ පසුවුනා.
- ඔහු පේදුරුතුඩුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී නොවැම්බර් 10 වැනිදා නිවසට පැමිණි ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් ඔහුගේ බිරිඳගෙන් දැඩි ලෙස ප්‍රශ්න කොට මුලතිව් අධිකරණයේ දෙසැම්බර් 18 දා පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසියක් බාර දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


