The Leader News
BREAKING
Top Ad
පුවත්

2026 අයවැයට වෙරිටේ වෙතින් අයවැය යෝජනා 12ක්

T

The Leader Desk

November 6, 2025 • 3:11 PM

2026 අයවැයට වෙරිටේ වෙතින් අයවැය යෝජනා 12ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙරිටේ රිසර්ච් අපිත්, 2026 අයවැයට ඇතුළත් කරගත යුතුම වෙන අයවැය යෝජනා 12ක්ම රජයට ඉදිරිපත් කරන්න පහුගිය දවස්වල කටයුතු කළා.
  • මේ ඉදිරිපත් කිරීම අපි සිදුකළේ, රටක අයවැයක් හැදෙන්න වුවමනා ජනතා සහභාගීත්වයක් ඇතිව නිසා.
  • ජනතාව අතරින් ආපු අයවැය යෝජනා 17කුත් සංකල්ප විදිහට මේ වේදිකාවට දැනටමත් එකතු වෙලයි තියෙන්නේ.
  • මෙහෙම ඉදිරිපත් කරපු අයවැය යෝජනා 2026 අයවැයට ඇතුළත් කර තිබෙනවා ද කියන එක බලාගන්න වෙන්නේ හෙටින් පස්සේ.
අකුරු ප්‍රමාණය (Font Size):



වෙරිටේ රිසර්ච් අපිත්, 2026 අයවැයට ඇතුළත් කරගත යුතුම වෙන අයවැය යෝජනා 12ක්ම රජයට ඉදිරිපත් කරන්න පහුගිය දවස්වල කටයුතු කළා.

මේ ඉදිරිපත් කිරීම අපි සිදුකළේ, රටක අයවැයක් හැදෙන්න වුවමනා ජනතා සහභාගීත්වයක් ඇතිව නිසා.

 ඒ, සහභාගීත්වයට ඉනිමගක් විදිහට අපි හදපු Budget Proposal Hub එක හරහා.

මේ යෝජනා ආණ්ඩුකරණය, ආර්ථිකය, සමාජ සුබසාධනය වගේ රටේ අනාගත සංවර්ධනයට වැදගත් වෙන ක්ෂේත්‍ර ගණනාවක් පුරාවට විහිදෙනවා.

ඒ කියූ විදිහට ම Budget Proposal Hub එක ජනතාව වෙනුවෙන් විවෘත වේදිකාවක්. ජනතාව අතරින් ආපු අයවැය යෝජනා 17කුත් සංකල්ප විදිහට මේ වේදිකාවට දැනටමත් එකතු වෙලයි තියෙන්නේ.

මෙහෙම ඉදිරිපත් කරපු අයවැය යෝජනා 2026 අයවැයට ඇතුළත් කර තිබෙනවා ද කියන එක බලාගන්න වෙන්නේ හෙටින් පස්සේ.

හැබැයි, අයවැය සම්පාදනයේ දී, ජනතාව සහ රජය අතර ඉනිමගක් වෙන Budget Proposal එක නම් මේ අයවැයෙන් පස්සේ එන ඉදිරි අයවැයන්වලදිත් දිගටම ක්‍රියාත්මක වේවි.

ඒ නිසාම, රටේ අයවැයට ඇතුළත් විය යුතු බවට ඔබට හිතෙන යෝජනා තියෙනවා නම් පමා වෙන්නේ නැතුව Budget Proposal Hub එකට ඒවා එකතු කරන්න. කතාවක් තියෙනව නේ හඳ අල්ලන්න කලින් සිවිලිමවත් අල්ලලා ඉන්න ඕන කියලා. ඉතින් අපි බලමු දැනට සිවිලිම හරි අල්ලගන්න.

අද අමතක වුනත්, හෙට, ලබන අවුරුද්ද, ඊළග අවුරුද්ද වෙනකොට Budget Proposal Hub එක රජයට නොසලකා හරින්න බැරි තැනට පත්කරන එකේ වැඩේ තියෙන්නේ ඔබ අතේ.

Budget Proposal Hub එකට යන ලින්ක් එක මතු පළවේ.

THE BUDGET PROPOSAL HUB: Your Budget, Your Future


ඉදිරිපත් කරපු අයවැය යෝජනා 12 තමයි මේ.

 1.⁠ ⁠පෞද්ගලික අංශය සදහා රජයේ අනුග්‍රහයෙන් මාතෘ නිවාඩු දීමනා ලබාදීමේ යෝජනාව

 2.⁠ ⁠පළාත් මට්ටමින් වැඩිහිටි සුබසාධක මධ්‍යස්ථාන ඇති කිරීම වෙනුවෙන් වන නියමු මොඩලයක් සම්බන්ධයෙන් වන යෝජනාව

 3.⁠ ⁠ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නෛතික පසුබිම සහ සේවාවන් ප්‍රතිසංස්කරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමේ යෝජනාව

 4.⁠ ⁠ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඩිජිටල් ප්‍රවේශය සහ දත්ත පරිශීලනය ශක්තිමත් කිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමේ යෝජනාව

 5.⁠ ⁠වෙළඳ පහසුකම් ඇති කිරීම හරහා කලාපීය තරගකරුවන් සමග ඇති පරතරය අවම කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව

 6.⁠ ⁠පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ පරිසර හිතකාමී කර්මාන්තපුර මූලධර්ම හරහා උසස් තත්ත්වයේ අපනයන සැකසුම් කලාප පුළුල් කිරීමේ යෝජනාව

 7.⁠ ⁠ප්‍රාථමික වියදම් රීතිය ආදායම සමග සම්බන්ධ කිරීමේ යෝජනාව

 8.⁠ ⁠සමාගම් හිමිකාරීත්වය සම්බන්ධ ඩිජිටල් රෙජිස්ටරයක් ස්ථාපිත කිරීමේ යෝජනාව

 9.⁠ ⁠සේවක අර්ථසාධක අරමුදලට හිමිවන ප්‍රතිලාභ මත පනවා ඇති බදු ඉවත් කිරීමේ යෝජනාව

10.⁠ ⁠සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතා තවදුරටත් පුළුල් කිරීමේ යෝජනාව

11.⁠ ⁠සේවක අර්ථසාධක අරමුදල මත වසර 5කට වතාවක් වෝහාරික විගණනයක් සිදුකිරීමේ යෝජනාව

12.⁠ ⁠අසාදුගත කරන ලද සමාගම්වල යාවත්කාලීන කරන ලද තොරතුරු ඇති, ජනතාවට ප්‍රවේශ විය හැකි මාර්ගගත වේදිකාවක් පවත්වාගෙන යෑමේ යෝජනාව

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2026 අයවැයට වෙරිටේ වෙතින් අයවැය යෝජනා 12ක් | The Leader