ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති

නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.


ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් පවසයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් සිය නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහන පහත පළවේ.

saliScreenshot 2023 11 25 at 09.36.14 copy

අරගලය පවතින අවස්ථාවේ දී මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් පසු රටේ අගැමැතිකම භාරගන්නට නීතිඥ සංමයේ හිටපු සභාපති සාලිය පීරිස් සූදානම් වී සිටි බවත් ඔහු සිටියේ අගමැති තනතුර භාර ගැනීම සඳහා සූට් මසාගෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

 

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ඉඟි කලේ සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් මේ වනතුරුත් නොදන්නා බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය පසුපස නීතිඥ සංගමයේ යම් භූමිකාවක් තිබුණු බවය.

අරාබි විප්ලවය වැනි දෙයක් නිර්මාණය කිරීමට යම් කණ්ඩායමකට අවශ්‍ය වූ බවත් යම් ආකාරයකින් තමන්ගේ නිවස පිලිස්සූ වෙලාවෙ තමන් ඉවත් වූයේ නම් එම හිඩස පුරවන්නට මේ නිර්පාක්ෂික කොටස් බලා සිටි බවත් ජනාධිපතිවරයා පැවසුවේය. අනතුරුව ඔවුන්ගේ අවසාන උත්සාය වූයේ පාර්ලිමේන්තුව වැටලීම බව ජනාධිපතිවරයා පැවසුවේය.

“කවුද මෙතන හිටියෙ. කවුද කෝට් මහලා හිටියෙ. හිතුවද විපක්ෂ නායකතුමා අගමැති කම ගත්තේ නැතිනම් මටයි ඒක එන්නේ කියලා. මේකට සම්බන්ධ වුන හැම කෙනාම කවුද ආරක්ෂා කළේ. කාගේ නීතිඥයෝ ද ගියේ.”

“අප්‍රේල් මාසෙ පාර්ලිමේන්තුව වට කරද්දි එතන මොකක්ද සිදුවුනේ. එතනදි නීතිඥයො විසිපහක් තිහක් මහේස්ත්‍රාත් උසාවියට ගිහින් ඒ අයව නිදහස් කරගත්තා. මහේස්ත්‍රාත්ගේ යුතුකම තිබුණෙ ඉස්සරවෙලාම පාර්ලිමේන්තුවෙන් අහන්න. ඔක්කොම යට වුනා. මේ අය (නීතීඥයො) පැනගෙන ගියා හැම තැනටම. ඒ අය බේරගන්න ගියේ. ඒ බේගන්න ගිය එක සාධාරණයි. බේර ගත්තේ නැතිනම් කතාව අහුවුන අය කියනවනේ. ඒකයි මම බැලුවේ මේ ගැන කතා කරන්න.”

 

පෙරේදා (නොවැ. 23) සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ජනාධිපතිවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී පැවසුවේ නීතිඥ සංගමය සමග ගිවිසුම්ගතවීමට තමන්ට කිසිම අවශ්‍යතාවයක් නොතිබුණ බවය. එබැවින් කිසිම ප්‍රකාශයකට තමන් අත්සන් කළේ නැති බවත් ජනාධිපතිවරයා කීවේය.  

 

ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.

“ඒ කාලේ මැයි 09ට කලින් අපි සාකච්ඡා කළා මේ ආණ්ඩුවට ගෙනියන්න බැරිනම්, අයින් උනොත් පළමුවෙන්ම විපක්ෂ නායකතුමා කැඳවන්න ඕන. එතුමට කරන්න බැරිනම් කරන්න පුලුවන් කාට ද කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු කියලා. අපි එකඟතාවයටක ආවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපට ආපහු නීතිඥ සංගමයක් අවශ්‍ය නෑ.

ඔය නීතිඥ සංගමයට සමහර පක්ෂ නායකයින් ගියා සාකච්ඡා කරන්න. මට තේරුණේ නෑ ඒක. නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න තිබ්බා අපි එක්ක සාකච්ඡා කරන්න. ඒ වෙනුවට සමහර පක්ෂ නායකයෝ දුවන් ගියා නීතිඥ සංගමයේ ප්‍රධාන කාර්යාලයට. මා එතෙන්ට ගියෙත් නෑ, මං ඒකට සම්බන්ධ වුනෙත් නෑ.”

 

“ඊලඟට සිදුවුනේ 07 වැනිදා සහ 08 වැනිදා නීතිඥ සංගමය ගිහින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක කතා කළා. එදා කතා කළේ විපක්ෂ නායකටවත් කාටවත් අගමැති කම දෙන එක නෙමෙයි. එදා කතා කළේ දේශපාලනයෙන් තොර කවුරුහරි පත්කරන්න ඕන කියලා.”

 

“ඕන නම් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ඒ පුද්ගලයා දාලා ඒ පුද්ගලයට අගමැතිකරම භාර දෙන්න කියලා. මේ කතා කළේ කරු ජයසූරිය මැතිතුමා ගැනවත් නෙමෙයි. ඒ කවුරු ගැනවත් කතා කළේ නෑ. එදා සිකුරාදා වෙනකොට මම දන්නවා, නීතිඥවරු කිව්වා ඒ ගොල්ල බලාපොරොත්තු වුනේ සාලිය පීරිස් මැතුතුමා මන්ත්‍රිවරයෙක් වෙලා අගමැති වෙයි කියලා. ඕක රහසක් නෙමෙයි.”

“අපි ඕක දන්නවා. 09 වැනිදා ඔය වැඩේ වෙනස් වුනා. 09 වැනිදා ඇතිවුන ගොල් ෆේස් සිද්ධියෙන්. මම හිතන්නේ නෑ එදා පාර්ලිමේන්තු කණ්ඩායම මේවා කතා කළා කියලා. එතෙන්ට විපක්ෂ නායකතුමා ගියා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගියා. ඒ අය එතැනින් පලවා හැරියා. එතනින් ඒක වෙනස් වුනා. එතකොට හිතුවේ මේක තවත් හොඳයි කියලා නිර්පාක්ෂික අගැමතිවරයෙක් හොයා ගන්න.”

“විපක්ෂ නායකතුමා එදා ගිහින් අගමැති ධූරය භාරගන්න එක ප්‍රතිකිෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සේ ආපහු  මෙතන බලන් ඉන්නවා නිර්පාක්ෂික අගමැති කෙනෙකුට එන්න කියයි කියලා. සූට් මහගෙනලු හිටියේ.”

“දැන් විපක්ෂානයකුමා මේක අරන් නැති නිසා සූට් මහගෙන හිටියා. ( ආණ්ඩු පක්ෂය දෙසට අත දික්කරමින්) ඔබතුමාලගෙ වැරැද්ද. ඔබතුමාල ගිහින් කීවා ජනාධිපතිතුමාට මාව කැඳවන්න කියලා. ඊට පස්සේ මට ඇවිත් කරදර කළා කතා කළොත්  එපා කියන්න එපා ගිහින් හම්බවෙන්න කියලා.”

“ඔයාලා කරපු අපරාදෙ බලන්න. ඒ සූට් එකටත් ගෙවන්න වුනා. තමුන්නාසේල නිසා විශාල නාස්තියක් ඇති වුනා. එච්චරයි උනේ.  “

 

“මොකක්ද මේ බලවේගය. 09 වැනිදා සංවිධානය වෙලා ඇවිත් ජනාධිපතිව පන්නලා මගේ ගෙරදට ගිනි තිබ්බා.  අපි අපි නායකයින් කැඳෙව්වම  මොකක් ද සිද්ධ වුනේ. අපි දන්නෙත් නෑ.  තීරණාත්මක දවසෙ පැවති සාකච්ඡාවේ දි මට අයින් වෙන්න කිව්වා.  මම කිව්වෙ බහුතරයක් තියන පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්න. එතකොට මම අයින් වෙන්නම් කියලා.  ඒක තමයි නීතිය. මට අයින් වෙන්න කිව්වම මම කිව්වෙ මම අයින් වෙන්නේ නෑ. කවුද එතකොට හිඩස පුරවන්නේ කියලා. කාටවත් බහුතරයක් තිබ්බේ නැතිනම් මොකද කරන්නේ. එහෙමනම් බලය ගන්න වෙන බලවේගයක් තිබුණ ද එදා.”

 

“මට පුලුවන්වුනා සඳුදා කැබිනට් මණ්ඩලය මුණගැහෙන්න. ඒ පාර හිතුවා මේක හරියන්නේ නෑ ආපහු ගන්න ඕන කියලා බදාදා ලෑස්ති වුනා. ඉස්සරවෙලාම මගේ අගමැති කාර්යාලය ගත්තා. එතන ඉඳන් පාර්ලිමේන්තුවට එන්න හැදුවා. “

“මෙතන පක්ෂ නායකයින් රැස් වුනා. පාර්ලිමේන්තුව බේරගනිමු කියලා කවුද කිවේව. ආණ්ඩු වෙනස් කරන්නයි ඕන වුනේ. ඒ නිසා තමයි මට හමුදාවට කියන්න සිද්ධ වුනේ කොහොමහරි මේක (පාර්ලිමේන්තුව) බේරගන්න කියලා.”

මේ ගැන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිගන්නෙ නැතිනම් පාර්ලිමේන්තු කොමිටියක් දාලා හොයලා බලන්න. කවුද මේක පිටිපස්සේ හිටියෙ. කවුද මේක සංවිධාන කළේ. අපටත් ඒක ප්‍රශ්නයක්.

කවුද මෙතන හිටියෙ. කවුද කෝට් මහලා හිටියෙ. හිතුවද විපක්ෂ නායකතුමා (අගමැතිකම) ගත්තේ නැතිනම් මටයි ඒක එන්නේ කියලා. මේකට සම්බන්ධ වුන හැම කෙනාම කවුද ආරක්ෂා කළේ. කාගේ නීතඥයො ද ගියේ. මොකක් ද සිදුවුනේ.

අප්‍රෙල් මාසෙ පාර්ලිමේන්තුව වට කරද්දි මොකක්ද සිදුවුනේ. එතනදි නීතිඥයො විසිපහක් තිහක් මහේස්ත්‍රාත් උසාවියට ගිහින් ඒ අයව නිදහස් කරගත්තා.

මහේස්ත්‍රාත්ගේ යුතුකම තිබුණෙ ඉස්සරවෙලාම පාර්ලිමේන්තුවෙන් අහන්න.  ඔක්කොම යට වුනා මේ අයට. මේ අය (නීතිඥයො) පැනගෙන ගියා හැම තැනටම.  ඒ අය (අරගලකරුවො) බේරගන්න ගියේ.

ඒ බේගන්න ගිය එක සාධාරණයි. බේර ගත්තේ නැතිනම් කතාව කියනවනේ. ඒකයි මම බැලුවේ මේ ගැන කතා කරන්න. “ ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝ වේ දැක්වේ.



සබැඳි පුවත් :
ව්‍යවස්ථා දායක සභාව: ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්