පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද සිය ධුරයට සමුදුන්නේය.


ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.

සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයකු සිය ධුරයෙන් සමුගැනීමෙන් පසු සම්ප්‍රදායිකව පවත්වනු ලබන විශේෂ උත්තමාචාර පෙළපාලිය සහ සාද සී ඩී වික්‍රමරත්න විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තාවේ. 

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(මුලාශ්‍රය - lankadeepa.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්