පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා

සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටද කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

විශ්වාසභංග යෝජනාව ඇනහිටින ලකුණු !

මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද  එය කල් යන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

කෝප් කමිටුවේ සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

 

එසේම විශ්වාසභංග යෝජනාවක් සම්මත කළද කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මතවීමෙන් වසරකට පසුව බවද පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

මේ හේතුවෙන් මේ අවස්ථාවේදී විශ්වාසභංග ගෙන ඒමෙන් ප්‍රතිඵලදායී නොවන බව නීති විශාරදයන් සමගි ජන බලවේගය පක්ෂයට පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත

කෝප් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.

ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්