හිස් වු පොලිස්පති ධූරය සඳහා සුදුසු නිළධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාල

ආරංචිමාර්ග පවසයි.  

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ (නොවැම්බර් 27) පැවැත්වෙනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසු බවද 'නෙත් නිව්ස්' වාර්තා කර තිබේ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා (නොවැම්බර් 24) දිනයේදිය.

තමන් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

සී ඩී වික්‍රමරත්න පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ පසුගිය පසුගිය මාර්තු 25 වනදායි.

කෙසේවෙතත් අවස්ථා 04කදී සේවා දිගුවක් ලබා දීමට ජනධිපතිවරයා විසින් කටයුතු කළේය.

ඒ අනුව ද සී ඩී වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය 24 වන දිනයෙන් අවසන් විය.

නොවැම්බර් 23 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් නව පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, එම සාකච්ඡාවේදී නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැති බව වාර්තා වේ.

කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිලෙස පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්