The Leader News
BREAKING
Top Ad
පුවත්

මැදපෙරදිග යුද ගැටුම මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු කරයි!

T

The Leader Desk

March 3, 2026 • 4:28 PM

මැදපෙරදිග යුද ගැටුම මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක පවසයි.
  • මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහ ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (03) අමාත්‍යාංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වී ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක පවසයි.

මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහ ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (03) අමාත්‍යාංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වී ඇති බවය.

එමෙන්ම මෙම ගුවන්වාර අවලංගු වීමත් සමග මෙරට තුළ රැඳී සිටින සංචාරකයින් සඳහා සති දෙකක වීසා දිගුවක් ලබා දීමට පියවර ගත් නමුත් ඔවුන් මෙම තත්ත්වය සමග ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය දක්වාම වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම පවතින තත්ත්වය තුළ ඇතැම් ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ගුවන් මගීන් දුෂ්කරතාවට පත් වූ බවත් ඒ අනුව එම ගුවන් ගමන් නැවත සකස් කිරීම සඳහා සම්පූර්ණ ගුවන් ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මෙහිදී අවධරණය කර සිටියේ, කිසිදු අවස්ථාවක අතිරේක මුදලක් අය කිරීමකින් තොරව අවලංගු වූ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නැවත ගෙවීමට සහ වෙනත් ගුවන් ගමනක් සඳහා එය පරිවර්ථනය කිරීමේදී ඒ සඳහාද අතිරේක මුදලක් ගෙවීමකින් තොරව අවශ්‍ය පහසුකම් ලබා දීමටද සියලු ගුවන් සමාගම් මෙහිදී එකඟ වූ බවය.

එමෙන්ම යුරෝපය සඳහා ගුවන් ගමන් දැනට ආරම්භ කර ඇති නමුත් මැද පෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ මෙම ගුවන් ගමන් ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවීම හේතුවෙන් තත්ත්වය සමනය වන තුරු ගුවන්වාරවලදී ගුවනින් ගෙන යන පාර්සල් සීමා කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

උපුටා ගැනීම - අරුණ

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...