සමගි ජන බලවේගය මෙම රැලියට සහභාගී නොවන බව දැනම ප්‍රකාශයට පත්කර ඇත.
සාකච්ඡාවකින් තොරව සරලව මතුපිටින් ගෙන හදන්න හදන කිසිම විපක්ෂයක් ඒකාබද්ධ හෝ ඒකාබද්ධ නොවී සාර්ථක වන්නේ නැතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සර්වජන බලය පක්ෂ කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“අපට අවශ්‍යයි මේ හැමෝගෙන්ම අහන්න, මොකක්ද අපි ඉදිරිපත් කරන විසඳුම, වැඩපිළිවෙළ, ඒ පිටුපස තිබෙන ක්‍රියාමාර්ග, ඉන් කොහොමද තාර්කිකව ජනතාවගේ ජන ජීවිතය වෙනස්වී දරිද්‍රතාවය නැතිවී දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා. මේ සංවාදයක් නැතුව අපි නැවත වරක් මේ මහ පොළොවේ පස් කාගෙන කෑ ගැහුවාට වැඩක් නෑ. මේ තිබෙන රූකඩ රජය පෙරළා දමන්න ඕනෙ කියලා මම හිතනවා වගේම මාලිමාවට ඡන්දය දුන් බහුතරයකුත් හිතනවා. සද්භාවයෙන් කටයුතු කරනවා නම් අපි එක ලකුණකින් තරග කරනවා. හැබැයි ඒකාබද්ධ නෙවෙයි.
වෙන වෙනම දේශපාලනය කරන අතරේ මේ රජයේ මර්දනකාරී වැඩපිළිවෙළ, ව්‍යවස්ථාපිත මර්දනය පරදවන්න ඕනෙ. ප්රජාතන්ත්රවාදය රැකගන්න ඕනෙ. ඒ ගැන විශ්වාසයක් තිබෙන කවුරුහරි ඉන්නවා නම් යෝජනා කළ යුත්තේ අවම කොන්දේසි මත එක ලකුණකින් තරග කිරීමට වැඩපිළිවෙළක්. එහෙම නැතුව රෑට එතැන ඉඳලා දවල්ට මෙතැන ඉඳලා ආයෙමත් රෑට එතැන්ට ගිහින් කතා කර ඒ ගුලි කන්න අපට බෑ.
පණට ආදරයක් තිබෙන ආණ්ඩුවක් නම් පළාත් සභා තියන්නේ නෑ. නමුත් ඒ අයට පුළුවන් වුණොත් ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හදලා එය ගෝනියක දාලා පොළොවේ ගසා විපක්ෂයක් නැති කර චණ්ඩි වගේ ඉල්ලන්න. ඒකට තමයි මේ උත්සාහ දරන්නේ. එතකොට පුළුවන් පළාත් සභා තියන්න. ඒ නිසා ඔවුන්ට කියන්න ඕනෙ ඒ අවස්ථාව නිර්මාණය වෙන්න සර්වජන බලය අපි දෙන්නේ නෑ, පළාත් සභා තිබ්බත් ඊට අවස්ථාව දෙන්නේ නෑ කියලා.”
21 නුගේගොඩ රැලියට නොයන බව දිලිත්ගේ සර්වජනයත් කියයි !
T
The Leader Desk
October 30, 2025 • 3:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමගි ජන බලවේගය මෙම රැලියට සහභාගී නොවන බව දැනම ප්‍රකාශයට පත්කර ඇත.
- සාකච්ඡාවකින් තොරව සරලව මතුපිටින් ගෙන හදන්න හදන කිසිම විපක්ෂයක් ඒකාබද්ධ හෝ ඒකාබද්ධ නොවී සාර්ථක වන්නේ නැතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
- මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සර්වජන බලය පක්ෂ කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
- එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



