එම රැළියට සහභාගී වීම සඳහා මුල් අවස්ථාවේ පැවති සාකච්ඡාවලට සමගි ජන බලවේගයේ නියෝජිතයින්ද එක්වූ බව මන්ත්‍රීවරයා පැවසිය.
හිටපු අමාත්‍ය ජී එල් පීරිස් ගේ නිවසේ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.
හිටපු අමාත්‍ය ජී එල් පීරිස් ගේ නිවසේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා දැක්වූයේ මෙවන් අදහසකි.
මනෝගේ ප්‍රතිචාරය මෙන්න
මේ අතර 21 වනදා පැවැත්වෙන එම රැළියට සිය පක්ෂය සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ ය.




