ආණ්ඩු විරෝධී රැලියට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඊට සම්බන්ධ සියලු පක්ෂ තහවුරු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නව ජනතා පෙරමුණ ඇතුළු විපක්ෂයේ තවත් පක්ෂ රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගෙන “මහ ජන හඬ” යන්න තේමා කරගෙන මෙම ජන හමුව පැවැත්වෙනු ඇත.
නුගේගොඩට එන හේතු 21 මෙන්න
- ආණ්ඩුවේ බහාලුම් මගඩිය හෙළි වුණ නිසා,
- කියපු විදිහට තෙල් මිල අඩු නොකළ නිසා,
- ලයිට් බිල 1/3කින් අඩු නොකළ නිසා,
- හාල් මාෆියාව රැකපු නිසා,
- බදු බර වැඩි කරපු නිසා,
- ජාතියේ අභිමානය බිඳ හෙළූ නිසා,
- ගජ මිතුරු කල්ලි පාලනය නිසා,
- මැති -ඇමති වත්කම් වංචාව අපි දැන් දන්න නිසා,
- උපාධිධාරීන් හා සුදුසුකම් ලත් තරුණයන්ට රැකියා නොදුන් නිසා,
- ගොවීන් අසරණ කළ නිසා,
- ජීවන වියදම ඉහළ දාපු නිසා,
- නීතියේ ආධිපත්‍ය කෙලෙසපු නිසා,
- වෛරය පතුරු වන නිසා,
- සියල්ල දේශපාලනීකරණය කළ නිසා,
- ස්වදේශික සංස්කෘතිය විකෘති කළ නිසා,
- රණවිරුවන් දඩයම් කළ නිසා,
- බෙදුම්වාදීන් එක්ක හුරතල් වන නිසා,
- හොර ගිවිසුම් ගහපු නිසා,
- කියපු බොරු එළිවුණ නිසා,
- රටට වැඩක් නොකරපු නිසා,
- ඉදිරි වැඩපිළිවෙළක් නැති නිසා
මෙම රැලියට විපක්ෂයේ අනෙකුත් පක්ෂද එක් කර ගැනීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවත් එම පක්ෂවල සහභාගිත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක්....
මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ, 21 රැලිය කවුරුන් හෝ රජ කරවීමේ විරෝධතාවයක් නොවන බවයි.
''කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නෙවෙයි. ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක්' යයි නාමල් රාජපක්ෂ පැවසිය.
රජය මේවනවිට රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බව ද පැවසිය
ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවත් ඔහු කියා සිටියේය.
රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.
අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවක් !
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරාළ මේ බව සඳහන් කළාය.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඇය වැඩි දුරටත් පැවසුවාය.




