The Leader News
BREAKING
Top Ad
පුවත්

21 රැස්වීමට ප්‍රචාරය දෙන්නෙ ආණ්ඩුවෙන් - උදය ගම්මන්පිල

T

The Leader Desk

November 19, 2025 • 11:48 AM

21 රැස්වීමට ප්‍රචාරය දෙන්නෙ ආණ්ඩුවෙන් - උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ අද (19) කොළඹ දී පැවති මහජන හඬ මාධ්‍ය හමුව අමතමිනි.
  • විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩු විරෝධයට තමන්ගේ සහය දැක්වීම සංකේතවත් කරන්න මහජනතාව අතර සිටිමින් රැස්වීමට සහභාගි වන බවට අපට දැනුම් දී තිබෙනවා.
  • අපට තිබෙන සීමිත සම්පත් එක්ක මේ රැස්වීම සංවිධානය කරද්දී අපිට තිබුණ ලොකුම ගැටලුව තමයි, කොහොමද මේ රැළියට ප්‍රචාරයක් ලබා දෙන්නේ කියන එක. ලංකා ඉතිහාසයේ විපක්ෂයේ රැලියකට ලැබෙන ලැබුණ වැඩිම ප්‍රචාරය මේ වන විට 21 වෙනිදා රැස්වීමට ලබා දිලා තිබෙනවා.
  • රැලිය පවත්වන්නත් කලින් මේ රැලිය ඉතිහාසයේ සාර්ථකම රැලියක් බවට පත් වෙලා ඉවරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ අද (19) කොළඹ දී පැවති මහජන හඬ මාධ්‍ය හමුව අමතමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ඇතැම් මන්ත්‍රීවරු මහජනයා අතර

21 වෙනිදා මේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කිරීම සනිටුහන් කරන නුගේගොඩ රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදු පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂත් සත්‍ය ගවේෂකයෝ ඇතුළු බහුජන සංවිධාන ගණනාවකුත් සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා.

විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩු විරෝධයට තමන්ගේ සහය දැක්වීම සංකේතවත් කරන්න මහජනතාව අතර සිටිමින් රැස්වීමට සහභාගි වන බවට අපට දැනුම් දී තිබෙනවා. සහභාගී නොවන සමහර පක්ෂ රැස්වීමට සුබ පතලා තියෙනවා. ඒ සහෝදරත්වයට අපි හිස නමා ආචාර කරනවා.

අපට තිබෙන සීමිත සම්පත් එක්ක මේ රැස්වීම සංවිධානය කරද්දී අපිට තිබුණ ලොකුම ගැටලුව තමයි, කොහොමද මේ රැළියට ප්‍රචාරයක් ලබා දෙන්නේ කියන එක. 


ලංකා ඉතිහාසයේ විපක්ෂයේ රැලියකට ලැබෙන ලැබුණ වැඩිම ප්‍රචාරය මේ වන විට 21 වෙනිදා රැස්වීමට ලබා දිලා තිබෙනවා. ජනාධිපතිතුමන් අයවැය කතාවේදිත් ඒ වගේම ඉල්විරු සමරු කතාවේදීත් වැඩි ඕන්නෑ ඊයේ පාර්ලිමේන්තුවට දුවගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලයේ බුදුපිළිම පිළිබඳ කරපු කතාවේදීත් නුගේගොඩ රැළිය සිහිපත් කරන්න අමතක කරේ නෑ.

ආණ්‍ඩුවේ මැති ඇමතිවරුන් දිනපතා සිහිපත් කරමින් රැස්වීම සාර්ථික කර ගන්න විපක්ෂයේ අපේ සහෝදර පක්ෂ වගේම ආණ්ඩුව පැත්තෙනුත් අපිට ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරනවා. රැළිය පවත්වන්න තව දවස් දෙකක් තිබෙනවා. රැලිය පවත්වන්නත් කලින් මේ රැලිය ඉතිහාසයේ සාර්ථකම රැලියක් බවට පත් වෙලා ඉවරයි.  ආණ්ඩුවක් මෙතරම් බියට පත් වුණු රැළියක් ඉතිහාසය පුරාම තිබිලා නෑ.

බුදු පිළිමයක් අත්අඩංගුවට ගත් පළමු පාලකයා

ත්‍රිකුණාමලලේ බුදු පිළිමය සිදුවීම 21 රැස්වීමට සෙනඟ ගෙන ඒමේ අපේ උපක්‍රමයක් කියලා ආණ්ඩුවෙන් චෝදනා නගනවා. එතකොට සාකච්ඡාවකට ගිහින් ස්වාමින් වහන්සේලාට චන්ඩි පාට් දාන්න එස්එස්පී එතැනට යැව්වේ අපි ද, වැට කපලා ස්වාමින් වහන්සේලාට පහර දීලා බුදු පිළිමය පැහැර ගන්න පොලිසියට උපදෙස් දුන්නේ අපි ද, දෙහිවල මහ නගර සභාවේ බුදු පිළිමය එතනින් ඉවත් කරන්න උපදෙස් දුන්නේ අපි ද, ප්‍රාදේශීය සභාවල පන්සිල් ගැනීම තහනම් කළේ අපි ද, මෙහිණින් වහන්සේට කුණුහරුපනේ බැන්න අගෝස්තීනු අපේ පක්ෂයක ද, පිළිම වන්දනාව ගෝත්‍රිකයි කිව්ව බිමල් රත්නායක මැතිතුමා අපේ කෙනෙක් ද, බෝ ගස කියන්නේ කිසිම වැඩකට නැති ගහක් කිව්ව නලින් හේවගේ මැතිතුමා අපේ කෙනෙක් ද, බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා කියලා මැතිවරණ ප්‍රකාශනයට දැම්මේ අපි ද,

බුදු  පිළිමයක් අත්අඩංගුවට ගත් ලංකා ඉතිහාසයේ පළමු පාලකයා විධියට ජනපති අනුර ඉතිහාසයට එක් වෙනවා.  ඒක බුදුන් වහන්සේ අත්අඩංගුවට ගත්තා වගේ පව්කාර වැඩක්.  දෙව්දත් තෙරගේ උපදෙස් මත නොමග ගිය අජාසත්ත රජුවත් මේ විධියට බුදුන් වහන්සේට අපහාස කළේ නෑ. මේ රටේ ඓතිහාසික ආගම ලෙස බුදු දහමට නිසි ගෞරවය ලබා දෙන්න අධිරාජ්‍යවාදින් පවා කටයුතු කළා.

21 නුගේගොඩට පැමිණිය යුත්තේ ඇයි...?

නුගේගොඩ රැස්වීමට සහභාගි වන පක්ෂ අතර පොදු ප්‍රතිපත්තියක් නෑ කියලා සමහරු කියනවා. ඒක වැරදියි. අපි කාරණා තුනකට එකඟ වුණා.

*  'දුන් පොරොන්දු ඉටු කරනු'  කියන එක ආණ්ඩුවට දුන් පොරොන්දු සිහිපත් කරන එක අපේ පළවෙනි තේමාව.

* මේ වන විට ඉහවහා යමින් පවතින ආණ්ඩුව තුළ උඩු දුවන දූෂණය නවතනු දෙවන තේමාව

*  භීෂණය නවතනු ! තෙ‍වන තේමාව,


මේ තේමා තුනට එකඟ වෙන මේ ආණ්ඩුවේ බොරුව දුෂණය භිෂණය නැවතිය යුතුයි කියලා හිතන ඔබේ පක්ෂය කුමක් වුණත් ඔබ මේ කාරණා තුනට එකඟ නම් 21 සවස ඔබ මේ මිහිතලයේ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි.

ආණ්ඩුව මේ වන විට නුගේගොඩ රැස්වීම ගැන විවිධ බොරු පතුරුවමින් තිබෙනවා.

අපිට සැකයක් තිබෙනවා ඉදිරි දින දෙකේ සමාජ මාධ්‍යයන් තුළ ප්‍රචාරයන් යැවීමේ අවධානමක් තියෙනවා කියලා. නුගේගොඩ රැස්වීම අහෝසි කළා කියලා AI එහෙම තියෙන නිසා මෙතෙන ඉන්න නායකයන්ගේ රුව හඬපට භාවිතා කරමින් ඕන දෙයක් හදලා ප්‍රචාරණය කරන්න පුළුවන්  ඒ නිසා  ඒවාට රැවටෙන්න එපා. මහ වැසි ඇද වැටුනත්, සුළි සුළං හැමුවත්, ඇඳිරි නීතිය දැම්මත්, ආණ්ඩුවෙන් රැස්වීම තහනම් කළත් අපි රැස්වීම පවත්වනවා ම යි.

ජාතික ජන බලවේගය ද, ජාතික කුඩු බලවේගය ද...?

නුගේගොඩට සෙනඟ එනවා වගේ ම මාලිමාවටත් තවම සෙනග ඉන්නවා කියලා පෙන්වන්න ආණ්ඩුව හෙට තංගල්ලේ රැස්වීමක් කරනවාලු.  හැබැයි ඒක මාලිමාවේ රැස්වීමක් නෙමෙයි. ආණ්ඩුවේ රැස්වීමක් ඇයි? ඒකට සෙනඟ ගෙන්න බාර දීලා තිබෙන්නේ පොලිසියට. ප්‍රජා පොලිස් නිලධාරින්ට තම කොට්ඨාසයෙන් 20-30 ගේන්න කියලා නියම කරලාලු.

තංගල්ලෙන් පටන් අරන් රට පුරා රැස්වීම් තියලා මහජනතාව රැස් කරලා මත්ද්‍රව්‍ය ජවාරමෙන් ඉවත් වෙනු කිව්වාට වැඩක් නෑ. අහුවෙන තරමක් කුඩු ජාවාරම්කරුවෝ ඉන්නේ මාලිමාවේ. දැන් ඒක ජාතික ජන බලවේගය නොවේ ජාතික කුඩු බලවේගය. ඒ නිසා ජනතාවට ඉවත් වෙනු කියලා රට පුරා රැස්වීම් පවත්වන්න මහජන මුදල් නාස්ති නොකර ජාතික කුඩු බලවේගය සමුළුවක් කැඳවලා වහාම මත් ජාවාරමෙන් ඉවත් වෙනු කියලා නියෝග කළා නම් වැඩේ ලාභයි; ලෙහෙසියි.''



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...