The Leader News
BREAKING
Top Ad
පුවත්

21 නුගේගොඩ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

T

The Leader Desk

November 20, 2025 • 10:12 AM

21 නුගේගොඩ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ජන රැලිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර සිටියි.
  • ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
  • එම කාලය තුලදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දෙනු ලබයි.
  • ඒ අනුව, කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කල හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජන රැලිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර සිටියි.

ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

එම කාලය තුලදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දෙනු ලබයි.

ඒ අනුව, කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කල හැකියි.

එමෙන්ම, පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට කල ගමන් කල හැකියි.

තවද, මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කල හැකියි.

Media on 2025.11.20 at 1425 මහජන රැළියක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම page 0001Media on 2025.11.20 at 1425 මහජන රැළියක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...