* ඥාතීන්ට-මාධ්‍යට කාටවත් එන්න දෙන්නෙ නෑ!
* දිනපතා එන්න බැරි නිසා ජ්‍යෙෂ්ඨ නීතීඥවරු ඉල්ලා අස්වෙලා!
* කණිෂ්ට නීතීඥයන්ට එන්න කියලා පුවත්පත් දැන්වීම් දාලා!
* කිසිම නඩුවක් මෙහෙම අහලා නෑ!
* මහමොළකාරයා කවුද කියලා රවී සෙනෙවිරත්න දන්නවා! එතුමා ලියලා දුන්නා කිව්වා! කාගෙ හරි වුවමනාවකට නඩුව ඉවර කරලා මහමොළකාරයා හංගන්නද යන්නේ?
* මේ හදන්නේ අප්‍රේල් 21ට කලින් තීන්දුව දෙන්නද?
පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුව මේ දිනවල බුලර්ස් පාරේ ස්ථාවර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙමින් පවතින බවත් එහි තීන්දුව අප්‍රේල් 21 දිනට පෙර ලබාදීමට නියමිත බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී එබව කියා සිටියේ ඊට අදාල කරුණු රැසක් අනාවරණය කරමිනි.
මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු මාධ්‍යයකට හෝ ඥාතීන්ට පැමිණීමට නොදී නඩුව දිනපතා අසමින් ඇති බවකි.
මේ හේතුව මත ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් නඩුවෙන් ඉවත් වී ඇති බවද මන්ත්‍රීවරයා කීය.
වැඩි දුරටත් විස්තර සඳහා සබැඳි ලිපියක් :
ඉහලම පෙලේ අපරාධ නඩුවක් ‘කණිෂ්ට නීතිඥයන් යොදවා කඩිනමින්’ අසන්නට යාමෙන් යුක්තිය ඉටුවීම පිලිබඳ ගැටළුවක්




