උතුරු මැද පළාත් ඇළ, වයඹ පළාත් ඇළ හා මිනිපේ වමි ඉවුර ව්‍යාපෘති කඩිනම් කරන ලෙස

වාරිමාර්ග සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් දී තිබේ.

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) හා ඒකාබද්ධ ජලාධාර ජල සම්පත් කළමනාකරණ (WWRMP) යන ව්‍යාපෘතීන්හි ප්‍රගති සමාලෝචන රැස්විමේ දී ඇය මෙසේ උපදෙස් ලබා දී ලබා දී ඇත.

උතුරු මැද පළාත් ඇළ, වයඹ පළාත් ඇළ හා මිනිපේ වමි ඉවුර යන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම, මෙම ව්‍යාපෘතීන් හරහා ගොවිජනතාවට සිදුකරන සේවාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු මෙහිදි සාකච්ඡා  කරන ලද බවයි වාරිමාර්ග අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව, සංවර්ධන කාර්යන්හි අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම,‍ ව්‍යාපෘති හරහා සිදුවන ක්‍රියාකාරකම් හේතුවෙන් වන සතුන්ගේ මෙන්ම වනාන්තර ආශ්‍රිත ජනජීවිත සුරක්ෂිත කිරීම පිළිබඳව, සුහුරු කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වාදීම හරහා තරුණ ප්‍රජාව ඒ සඳහා ආකර්ශනය කරගැනීම පිළිබඳව, මෙන්ම ගොවි ප්‍රජාවගේ ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා "දුප්පත් කමේ විෂම චක්‍රය" උපමාවට ගනිමින් ද, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිලධාරීන් වෙත  අදාල උපදෙස් ලබා දී තිබේ.

මේ අවස්ථාව සඳහා ව්‍යාපෘති දෙකෙහි අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසක් සහභාගී වූහ.

 000PavithraW 1000PavithraW 2000PavithraW 3

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්