'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' එළැඹෙන මහ මැතිවරණයේදී 'පොහොට්ටුව' ලකුණින් තරග වැදුනද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව ලකුණ අහිමි නොවන බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
ඒ, එළැඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ඔවුන් සූදානම් වන්නේ 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' යටතේ වීම හේතුවෙනි.
අද උදැසන 'නෙත් නිව්ස්' වාර්තා කල පරිදි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් පක්ෂ 10 ක් එක්ව ගොඩනගන්නේ නාමික සන්ධානයකි.
ඒ අනුව නාමයෝජනා භාරදෙන පක්ෂයට එහි ලකුණ ඉදිරි ඕනෑම මැතිවරණයකට භාවිත කළ හැකි බව එම පුවත් වාර්තාව මගින් පැහැදිලි කරයි.
''ඡන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් කරන්නෑ'' -මැකෝ
මේ අතර මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ, මහ මැතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිඳු දේශපාලන පක්ෂයක ලාංඡන වෙනස් නොකරන බවයි.
දේශපාලන පක්ෂයක ඉල්ලීම මත අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කර එම පක්ෂයට වෙනත් ලාංඡනයක් ලබාදිය හැකි නමුත් එවැන්නක් කළ හැක්කේ ඡන්දය ප්‍රකාශයට පත්කළ පසුව පමණක් බවද මැතිවරණ කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
දේශපාලන පක්ෂයකට ලබාගත හැක්කේ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් ලාංඡන ලැයිස්තුවේ ඇති දැනට වෙනත් පක්ෂයකට ලබාදී නැති ලාංඡන පමණක් බවද ඔහු කීය.
මීට අමතරව දැනටමත් දේශපාලන පක්ෂයකට අයත් ලාංඡනයක් එම විපක්ෂය විසින් අතහරින්නේ නම් එම ලාංඡනය වෙනත් දේශපාලන පක්ෂයකට ලබාදීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.
'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' පිළිබඳ The Sunday Morning පුවත්පතේ කාටුනය පහතින්