The Leader News
BREAKING
Top Ad
පුවත්

ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි

T

The Leader Desk

November 6, 2025 • 4:33 AM

ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා ලබන වසර සහ 2027 වසර සඳහා ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්කය සපුරාලන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
  • එහිදී ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා මෙරටට ඉලක්කයක් ලබාදී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
  • නමුත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දක්වා ඇති ආදායම් පුරෝකතනයන් ඉහත ඉලක්කයට වඩා පහළ මට්ටමක තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
  • එම ප්‍රකාශයට අනුව ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක ආදායම් ඉලක්කයක් ලබන වසර සඳහා රජයට ඇති අතර 2027 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක ආදායම් ඉලක්කයක් රජයට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා ලබන වසර සහ 2027 වසර සඳහා ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්කය සපුරාලන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

එහිදී ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා මෙරටට ඉලක්කයක් ලබාදී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

නමුත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දක්වා ඇති ආදායම් පුරෝකතනයන් ඉහත ඉලක්කයට වඩා පහළ මට්ටමක තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එම ප්‍රකාශයට අනුව ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක ආදායම් ඉලක්කයක් ලබන වසර සඳහා රජයට ඇති අතර 2027 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක ආදායම් ඉලක්කයක් රජයට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර ඉලක්කයට ගැලපෙන පරිදි හෙට (07) ඉදිරිපත් කෙරෙන අයවැය රජය ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් එම ණය සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බවත් ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට නිකුත් කිරීමට යන බැදුම්කර වර්ගයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යටතේ රටේ ආණ්ඩුකරණ තත්ත්වය යහපත් වෙන තරමට ණය ගෙවීමේදී සහන හිමිවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ හේතුවෙන් එම සහනය ලබා ගැනීමට නම් මෙවර අයවැයෙන් රජයේ ආදායම් ඉලක්කය එයට ගැලපෙන පරිද්දෙන් වෙනස් කළ යුතු බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...