ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල විධායක ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ හෙට (18 වැනිදා) සංකේත

වැඩවර්ජනයක යෙදෙති.

ඉකුත් 2016 වසරේ සිට අහිමි කර තිබෙන හිඟ වැටුප් ලබා ගැනීම, අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දුන් සියයට විසි පහේ වැටුප් වැඩි කිරීම අනධ්‍යයන කාර්ය මණ්ඩලවලටත් ලබා ගැනීම, පවතින පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගැනීම මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වෙයි.

සංකේත වැඩවර්ජනයෙන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසීය.

සියලුම රාජ්‍ය සේවාවන්ට 2015 වසරේ ලබා දුන් සියයට එකසිය හතක වැටුප් වැඩිවීමෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ලැබුණේ කොටසක් පමණක් යැයි ද ඉතිරි කොටස ලබා දෙන බවට වරින් වර ප්‍රකාශ කළත් මේ දක්වා එම වැටුප් වැඩිවීම ලැබී නැතැයි ද පවසන සමසභාපතිවරයා මේ සම්බන්ධයෙන් මෙවර නිසි ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. 

අධ්‍යයන කාර්ය මණ්ඩලවලට පමණක් සියයට විසි පහක වැටුප් වැඩිවීමක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම අසාධාරණ යැයි ද එම වැටුප් වැඩිවීම සියලු කාර්ය මණ්ඩලවලට ලැබිය යුතු යැයි ද හෙතෙම කීවේය.

 (aruna.lk - නිලන්ත මදුරාවල)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්