දියර කිරි වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීමේ දස අවුරුදු ජාතික සැලස්මක් වහාම සකස් කරන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව අදාළ බළධාරීන්ට

දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් දස ලක්ෂ එක්දහස් දෙසීයක් වන අතර ඉන් මෙරට නිෂ්පාදනය කරනු ලබනුයේ ලීටර් දස ලක්ෂ තුන්සීයක් පමණ බව ඉකුත් දා පැවැති ගිණුම් කාරක සභා අවස්ථාවේදී හෙළිදරව් වී තිබේ.

සෑම වසරකම සත්ත්ව නිෂ්පදන සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට ජාතික අයවැය මගින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය යටතේද, විදේශ ආධාර වශයෙන්ද විශාල මුදලක් වෙන් කළද ඉන් අපේක්ෂිත ඉලක්ක ජය ගැනීමට නොහැකිවී තිබීම පිළිබඳව දැඩිව අවධානය යොමු කොට ඇත.

එම නිසා මේ වසරේ පටන් වසර 2034දක්වා වූ කාලය තුළ කුමන රජයක් රටේ පාලන බලයට පත්වුවද නොවෙනස්වන දියර කිරි වලින් ස්වයං පෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ජාතික සැලැස්මක් සකස් කරන්නැයි ගිණුම් කාරක සභාව බලධාරීන්ට දැනුම්දී තිබේ.

මෙම ජාතික සැලැස්ම මහා පරිමාණව සකස් කරනවාට වඩා ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම ඉලක්ක කොට ග්‍රාමීය, වතු සහ අර්ධ නාගරික ජනතාව වැඩි වැඩියෙන් දියර කිරි නිෂ්පාදන කර්මාන්තයට යොමු කරවන ආකාරයට සම්පාදනය කරන්නැයි කාරක සභාව මග පෙන්වීම් ලබාදී තිබේ.

ඉන්දියාව දියර කිරි වලින් ස්වයං පෝෂිතවී තිබෙන කලාපයේ බලවතා වන අතර ඔවුන්ගෙන් ලබා ගත හැකි අත්දැකීම්, නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳවද අවධානය යොමු කරන්නැයි කාරක සභාව උපදෙස් ලබාදී ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්