රාජ්‍ය නිලධාරින් යොදා ගනිමින් ජනාධිපතිවරයා විසින් විපක්ෂ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයක්

ගැන විපක්ෂ නායකවරයා අනාවරණය කර තිබේ.

සක්වල වැඩසටහනේ 70 වැනි අදියර යටතේ ජනවාරි 19 වැනිදා කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දීමේ අවස්ථාවට එක්වු සජිත් ප්‍රේමදාස කියා සිටියේ, සිය උගන්ඩා සංචාරයට ජනාධිපතිවරයා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කර ගැනීමට උත්සාහ දරන ලද බවයි.

එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා එසේ විපක්ෂ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කරගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන විදේශ සංචාර යන බව කී විපක්ෂ නායකවරයා, බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්‍රමුඛ රජය සුරසැප විඳින බව සඳහන් කළේය.

දරුවන් තොරතුරුවලින් සවිබල ගැන්වීම

ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්ෂ නායකවරයා ලෙස තමා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

රට පාලනය කරන නායකයෝ සිදු කරන දේ සම්බන්ධයෙන් රටේ දරුවන් දැනුවත් විය යුතු බවත් එය දේශපාලනය කතා කිරීමක් නොව දරුවන් තොරතුරුවලින් සවිබල ගැන්වීමක් බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

ලෝකයේ දියුණු රටවල් තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ලබාගෙන ඇතත්  මෙරට පාසල්වල සිසු දරුවන් කී දෙනකු එවැනි තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇත් ද ගැටලුවක් බව පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුර්වල අධ්‍යාපන ක්‍රමය තුළ යුගයට නොගැලපෙන යල්පැනගිය පැරණි අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා රටේ දරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇතැයි වැඩිදුරටත් චෝදනා කළේය.


dgsdfsdf

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්