කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත් ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බවත් මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

එහි දී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද මෙම සංගම් චෝදනා කරයි.

දෙවනුව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මෙම සංගම් දෙක සිය අසතුට ප්‍රකාශ කළේය.

පිළිකා වාට්ටුවේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව මෙම සංගම් ප්‍රකාශ කරයි.

රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත විය. 

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබිණ.

වර්ජනයෙන් පසු දින එම සේවකයන් යළි සේවයට වාර්තාකර තිබූ අතර වර්ජනයෙන් පිළිකා ඒකකයේ කටයුතුවලට බාධා එල්ල වූ බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා චෝදනා කිරීමත් සමග එදින සේවයට වාර්තා කර තිබූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙම සිද්ධියෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.

අද පැවති විරෝධතාවට එක් වූවන් පැවසුවේ නොසන්සුන්තාව අතරතුර වෛද්‍යවරයා පහරකෑමට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා මීට පෙරද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහර දුන් සිද්ධියකට චෝදනා පවතින බව රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබිණ.
 

 

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්