පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක මූලික රැස්වීමට එක්වීමට
ඊයේ (19) එම ප්‍රදේශයට ගිය ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එම ස්ථානයට නොගොස් ආපසු හැරී යාමට සිදු විය.

ඒ, ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.

ලෝක ආධාර මත ක්‍රීයාත්මක වන සංවර්ධන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙ  දළුව - නිර්මලපුර - නාවක්කාඩු මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට මෙසේ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්න එක්විමට නියමිතව තිබී ඇත.

කෙසේ වෙතත් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයන්ගේ මැදිහත් වීමට ගම්වාසීන් විරෝධය පළ කර තිබේ.

දළුව ගම්වාසින් නිර්මලපුර කතෝලික දෙවස්ථාන භුමියෙ රැදි සිටිමින් පැමිනි නිළධාරීන් සමග සාකච්ඡ පවත්වා ඇති අතර රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධන වැඩවලිදී බාධා නොකරන බව පවසා ඇති නමුත්, දේශපානාඥයන් ඊට සහභාගීවීමට විරෝධය දක්වා ඇත.

ඒ, ගංවතුරින් තම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේ දී කිසිදු දේශපාලඥයෙකු තමන් පිළිබඳ සොයා නොබැලූ බවට චෝදනා කරමිනි.

ගම්වාසීන්ගේ විරෝධය පිළිබඳ සැලවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දළුව හන්දියට පමණක් පැමිණ නැවත හැරී ගොස් තිබුණේ ඒ අනුවය.
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්