ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රුපියල් බිලියන 1.3 ක්

(මිලියන 1300) වෙන් කර ඇති බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කළද, එම මුදල වෙන් කර ඇත්තේ දැනට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු 0.73 ක් වූ ටෙලිකොම් සමාගම සතු කොටස් භාණ්ඩාගාරය සතු කරගැනීම සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින්  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේද පැවසිය.

 


ඉන්දියාවේ අම්බානිත් ටෙලිකොම් ඉල්ලයි

දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් කොටස්වලින් 51% ක් රජය සතුය. ඉතිරි 49% ක කොටස් මැලේසියාවේ සුප්‍රකට ව්‍යාපාරික ජී. ආනන්ද ක්‍රිෂ්ණන්ට අයත් මැක්සීස් සමාගම සතුය.

ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් J.I.O සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා සිය අභිලාෂය ලිඛිතව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

J.I.O සමාගම හැර තවත් සමාගම් දෙකක් ශ්‍රී ලංකා ටෙලිකොම් සඳහා සිය අභිලාෂයන් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්