සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී  ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.


“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, සමගි ජනබලවේගයේ සියලුම කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවයට සහයෝගය පළකරමින් ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.



''ආණ්ඩුවට උණ ගැනිලා'' 


මේ අතර සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක  එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ, හමුදාව පොලිසිය යොදවා ජනතාව මර්ධනය කල යුගය නිමා වී ඇති බවයි. 

''  අප අද සංවිධානය වෙලා ඉන්නවා ජනතාවගේ පිඩනය පිටකරන්න අවස්ථාව උදාකරලා දෙන්න. හමුදාව පොළිසිය දලා අපිව මර්ධනය කරන්න බෑ. අපි අතිසර්ථකව මේ විරෝධතාව මෙහෙයවම්න් ජනතාව අරක්ෂා කරනවා අණ්ඩුව දැනගන්න ඔන ජනතාවගේ නිදහස් අයිතින් සුරකින්න එවගෙම ජනතා පරමාධිපත්යට හිස නමන්න.. මෙය අරම්භයක් විතරයි..''

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්