ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක්

ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

"පක්ෂයද? අපේ පෞද්ගලික මතයද? කියන එක ඒ කාලේදී පක්ෂය ඇතුලේ ඉන්න අය තීන්දු කරනු ඇතැයි ද" ඔහු කීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගැන සිතනවා නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයකුට සහාය පළ කිරීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම බව පැවසු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බවද  සඳහන් කළේය.        

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අද (30) පැවති පාසල් පොත් ලබාදීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

(lankadeepa.lk- අංජුල මහික වීරරත්න)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්