රෝගී වී සිටින ලංකාවට අවශ්‍ය වන්නේ හොර තෙල් බෙහෙත්කරුවකු නොව රට ඉහළට ඔසවා තැබිය හැකි හුරුබුහුටි නායකයෙකු බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.


එම හැකියාව ඇති මන්ත්‍රී පාඨලී චම්පික රණවක රට ඉදිරියට ගෙනා යා හැකි කළමනාකාරිකයෙක් ලෙස නීතිඥ ශිරාල් ලක්තිලක අතුරුගිරියේ පැවති ජනහමුව අමතමින් කියා සිටියේය.

“අද ලංකාව ලංකාවේ සමාජය උත්සාහ දරන්නේ තමන්ගේ රෝගාතුර භාවයට උත්තර හොයන්න. එක්කෝ පච ගහ යට ඉන්න තෙල් බෙහෙත්කාරයොන්ගෙන් බෙහෙත් ගන්නවා. එහෙම නැත්නම් අර ධම්මික පැණිය හැදුවා වගේ බොරුකාරයොන්ගෙන් බෙහෙත් ගන්නවා. මෙහෙම අපේ ගිලන්වීමට උත්තර හොයන්න බැහැ මේ බොරු වෛද්‍යවරුන්ට. හැබැයි ලංකාවේ මිනිස්සු අද හිතනවා මයික් එකක් ඉස්සරහ ලොකු කතාවක් දුන්නම ඒ අයට රට හදන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා තමයි අපි අද ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ පාඨලී චම්පික රණවක මැතිතුමා මේ රට කරවන්න පුළුවන් කළමනාකාරිකයෙක් හැටියට හඳුන්වලා දෙන්න.”

ඔහුව හුරුබුහුටි නායකයකු ලෙස හඳුන්වන හේතුව ද නීතිඥවරයා විස්තර කළේය.

“අපි කවුරුත් වෘත්තිකයෝ. අපිට හැකියාවන් තියෙන්නේ එක එක මට්ටම්වලින්. නමුත් මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා හුරුබුහුටි නායකයෙක්. හුරුබුහුටි නායකයෙක් කියලා කියන්නේ එක වැඩකට එක දක්ෂකමක් පෙන්වීම පමණක් නෙවෙයි. විශාල පරාසයක ඒ දක්ෂකම පෙන්නන එක. සත්ව ලෝකෙත් එහෙමයි. චීටාට දුවන්න පුළුවන්. අශ්වයාටත් දුවන්න පුළුවන්. මාළුවට පීනන්න පුළුවන්. රාජ අලියට පියාඹන්න පුළුවන්. හැබැයි මිනිසාට ඒ සියලු දේ කිරීමේ හැකියාව තියෙනවා. ඒකට තමයි කියන්නේ හුරුබුහුටිකම කියලා. ගෑණු ළමයින්ට එහෙම නම් අපි කියනවනේ අපේ ආච්චිලා හුරුබුහුටි දරුවෙක් කියලා. නෑ. හුරුබුහුටි දරුවා නෙමෙයි. හුරුබුහුටි නායකයා. ඒක ජීව විද්‍යාත්මක සංකල්පයක්. විශාල පරාසයක තියෙන දක්ෂතා කැටි කොට ගන්න. හැකියාවක් මනුෂ්‍යයෙකුට තියෙන්න ඕන. අපේ ගිලන් වූ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ හුරුබුහුටි දක්ෂතාවය තියෙන මිනිස්සුන්ට විතරයි. අපි හිතනවා පාඨලී චම්පික රණවකට අන්න ඒ හැකියාව තියෙනවයි කියලා. ඒ නිසා අපි හිතනවා තෙල් බෙහෙත් කාරයෙක් නෙමෙයි කියලා. අපි හිතනවා ඔහු හොර වෙදෙක් නෙමෙයි කියලා.”

අනුරට, සජිත්ට බැහැ

 

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට පහළට වැඩීම නැවැත්වු බවත් දැන් ඇත්තේ රට ඉහළට එසවීම බව පෙන්වා දෙන ශිරාල් ලක්තිලක එය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානයකට කළ නොහැකි බව සඳහන් කළේය.

 

“මේ රට දැන් යන්නේ පල්ලෙහාට. රනිල් වික්‍රමසිංහ මහත්තයා පල්ලෙහාට යන එක වළක්වලා තියෙනවා. අපි කුහක වෙන්නෑ. ඒ පිළිබඳව ඔහුට හරියි කියන්න. හැබැයි මේ උඩට කරකවලා ආයි කන්ද උඩට ගේන්න පුළුවන් මිනිහෙක් මට නම් පේන්නේ නෑ. ඒක සජිත්ටත් බෑ, අනුරටත් බෑ. මේක තමයි යථාර්ථය. අනුරලා අද ජනප්‍රියයි. මිනිස්සු හුඟ දෙනෙක් අනුරලා ගාවට යනවා. අර මොකද අර ගිලන්වීමේ කෝපය හින්දා. අවුරුද්දක් දෙකක් ගිහිල්ලා බලන්න ඒ අයට මොකක්ද කරන්න පුළුවන් කියලා මේ කාර් එක උඩට ගන්න. එහෙම කරන්න බෑ. ඒ අයගේ අතීත පරිචය, ඒ අයගේ දැක්ම, ඒ අයගේ දර්ශනය මේ උඩට ගැනීමේ ක්‍රියාවලියට සුදුසු වෙන්නේ නෑ.”

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයකු ලෙස පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති,  නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් යෝජනා කළේය.

“කවුරුත් හිතනවා, අනුරත් ඉන්නවා. රනිලුත් ඉන්නවා. සජිතුත් ඉන්නවා. එතකොට කොහොමද මේ චම්පික කෙනෙක් ගේන්නේ කියලා. අපි ඒක කරනවා. ලංකාවේ ඒක ගොඩනැගෙමින් තියෙනවා. ලංකාව අද ඉන්න තත්වයට වැඩිය තව පියවරක් උඩට ගෙනියන්න ඕනෙයි කියලා හිතන මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තමයි ඔහු.”


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්