ඉදිරියේදී වැරදි ඖෂධ භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු වළක්වා ගැනීම සඳහා වත්මන් සිදුවීම් වලට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටී.


ඒ සඳහා සමස්ත නීතිවේදීන් එක් විය යුතු බව එම පක්ෂ සාමාජික විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා පෙබරවාරි 05 වැනිදා පැවැති මාධ්‍ය හමුවක දී කිය සිටියේය.

වැරදි ඖෂධයක් හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයක් හානි වී ඇත්නම් එය මනුෂ්‍ය ඝාතනයක් බව කී වෛද්‍යවරයා එවැනි තත්ත්වයකට නීති ක්‍රියා මාර්ග ගත යුත්තේ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිල්ලට ගෙන බව කියා සිටියේය.

එම වගකීමෙන් මිදීමට රෝහල් බලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සහ තීරණ ගන්නා සියලු බලධාරීන්ට නොහැකි බව ද විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා අවධාරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි නීති ක්‍රියාමාර්ග ද නිසි පරිදි ක්‍රියාත්මක බවත් එය අතිශය යහපත් තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යරයා කියා සිටියේය.

අරගලයෙන් පසු සමාජය

dr ajith amarasinghe
අරගල‍යෙන් පසුව සමාජයේ අලුත් තත්වයක් උදා වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වු එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කියා සිටියේය.

එය රටේ වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවය සහ පවුල්වාදය නැති කිරිමට ඉවහල් කර ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අරගලයෙන් පසුව ඇතිවෙලා තියෙන මේ සමාජයේ අලුත් තත්වය මේ රටේ ප්‍රශ්න පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් සවිඥානය කිරීම. ඒ අයගේ මතය දැන් ප්‍රකාශ වෙනවා. මම හිතන්නේ මෙය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම් මේ රටේ තියෙන වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවයන්, පවුල්වාදය නැති කිරීමට මෙය අපට ඉවහල් කරගන්න පුළුවන්.” යැයි වැඩිදුරටත් කියා සිටියේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්