The Leader News
BREAKING
Top Ad
පුවත්

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජන. 22 සහ 23 විවාදයට ගන්න සූදානම්

T

The Leader Desk

January 13, 2026 • 4:37 PM

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජන. 22 සහ 23 විවාදයට ගන්න සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
  • අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
  • ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
  • විපක්ෂය අග්‍රාමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සත්‍යය සහ යථාර්ථය ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට රජයට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත්, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විපක්ෂය අග්‍රාමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සත්‍යය සහ යථාර්ථය ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට රජයට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...