The Leader News
BREAKING
Top Ad
පුවත්

දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

T

The Leader Desk

March 12, 2026 • 3:24 PM

දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
  • මෙය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තවදුරටත් නිහඬව සිටිය නොහැකි තරම් අතිශය දුෂ්ට මට්ටමකට පැමිණ ඇත.
  • මිනාබ් හි ශජරේ තයියෙබේ (Shajareh Tayyebeh) බාලිකා විදුහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක දරුවන් 160කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වීම හුදු "අතුරු හානියක්" (collateral damage) නොවේ.
  • දැන් එම විනාශකාරී යන්ත්‍රණයම ඉරානය දෙසට හැරවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෑතකදී දියත් කරන ලද හමුදාමය ක්‍රියාමාර්ගයට එරෙහිව අපි අද සාමූහිකව නැගී සිටිමු. මෙය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තවදුරටත් නිහඬව සිටිය නොහැකි තරම් අතිශය දුෂ්ට මට්ටමකට පැමිණ ඇත.

මිනාබ් හි ශජරේ තයියෙබේ (Shajareh Tayyebeh) බාලිකා විදුහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක දරුවන් 160කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වීම හුදු "අතුරු හානියක්" (collateral damage) නොවේ. එය යුද අපරාධයකි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඔහුගේ කාර්යාලය තුළ ඉලක්ක කර ඝාතනය කිරීම, ජාත්‍යන්තර නීතිය සහ ජාතික ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

වසර ගණනාවක් තිස්සේ පලස්තීන වැසියන්ගේ ජීවිත ක්‍රමානුකූලව විනාශ කරනු අපි බලා සිටියෙමු. දැන් එම විනාශකාරී යන්ත්‍රණයම ඉරානය දෙසට හැරවී ඇත. මෙය ලේ සහ ගින්දර හරහා මැදපෙරදිග පුරා පූර්ණ පාලනය තහවුරු කර ගැනීම සඳහා සැලසුම් කරන ලද අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ රුදුරු මුහුණුවරයි. ඕනෑම රටකට එරෙහිව ඕනෑම අවස්ථාවක ආක්‍රමණයක් සිදු කළ හැකි බව එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත. වෙනිසියුලාව මෙයට පැහැදිලි උදාහරණයකි.

ඉරාන ජනතාව කමේනිගේ ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කරමින් සිටියහ. කාන්තාවන් නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළහ. ඕනෑම තත්වයක් යටතේ, රටක අභ්‍යන්තර දේශපාලනය තීරණය කිරීමට එම රටේ ජනතාවට අයිතියක් තිබිය යුතුය. ජනතාව නිදහස් කිරීමේ නාමයෙන් කිසිදු ස්වෛරී රටක් ආක්‍රමණය කළ නොහැක. දේශීය ඒකාධිපතියෙකුගේ මර්දනය විදේශීය මැදිහත්වීම් මගින් විසඳිය නොහැක. රට 'නිදහස්' කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අපි හෙළා දකින අතර, එය හුදෙක් අධිරාජ්‍යවාදී ක්‍රියාවක් ලෙස නම් කරමු.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ මානව ගරුත්වය විශ්වාස කරන සැමට මෙය තීරණාත්මක මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන ජනතාව දැන්වත් අවදි විය යුතුය! ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සහ ඉරාන ජනතාව සමඟ සහයෝගීතාවයෙන් නැගී සිටින ලෙස අපි ලොව පුරා සිටින සිසුන්ගෙන්, තරුණයින්ගෙන් සහ ප්‍රගතිශීලී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු.


අධිරාජ්‍යවාදය පරදවමු!
සමාජවාදය දිනේවා!

ඒකාබද්ධ අත්සන්කරුවන්:

බංග්ලාදේශය
•⁠  ⁠BCF - Bangladesh Chhatro Federation
•⁠  ⁠BSU - Bangladesh Students' Union
•⁠  ⁠DSC - Democratic Students' Council
•⁠  ⁠RSU - Revolutionary Students' Unity
•⁠  ⁠RS-YM - Revolutionary Students- Youth Movement
•⁠  ⁠SSF - Socialist Students' Front
•⁠  ⁠SSF - Socialist Students' Front

ඉන්දියාව
•⁠  ⁠AIDSO - All India Democratic Students' Organisation
•⁠  ⁠AISA - All India Students' Association
•⁠  ⁠AISB - All India Students' Bloc
•⁠  ⁠AISF - All India Students' Federation
•⁠  ⁠PSU - Progressive Students' Union

නේපාලය
•⁠  ⁠ANNISU(R) - All Nepal National Independent Students' Union (Revolutionary)
•⁠  ⁠ANNFSU(S) - All Nepal National Free Student Union (Sixth)
•⁠  ⁠ANSU - All Nepal Student Union
•⁠  ⁠ANSU(S) - All Nepal Students' Union (Socialist)
•⁠  ⁠SSSUN - Scientific Socialist Students' Union, Nepal

පකිස්ථානය
•⁠  ⁠DSF - Democratic Students' Federation
•⁠  ⁠NSF - National Students' Federation

ශ්‍රී ලංකාව
•⁠  ⁠IUBF - Inter University Bhikku Federation
•⁠  ⁠IUSF - Inter University Students' Federation
•⁠  ⁠RSU - Revolutionary Students' Union

(2026 මාර්තු 10)

 dkjlsdf

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...