උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට බලා සිටින ශ්‍රී ලාංකික දූ පුතුන් වෙනුවෙන් අධ්‍යාපනික

ප්‍රදර්ශන මාලාවක් රට පුරා පැවැත්වීමට ජීවා ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනය කටයුතු සුදානම් කර තිබේ.

Jeewa Australian Education Road Show ලෙස නම් කර ඇති ප්‍රදර්ශන මාලාව නොමිලේ පැවැත්වෙන අතර ඒ සඳහා විදේශීය විශ්වවිද්‍යාලය 30කට වැඩි ප්‍රමාණයක් සහභාගිවීමට නියමිත බව එම ආයතනය පවසයි.


උසස් අධ්‍යාපනය පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගත හැකි ප්‍රදර්ශන පෙබරවාරි 21 වැනිදා ගාල්ලේදීත්, 23 වැනිදා යාපනයේදීත්, 24 වැනිදා මහනුවරදීත්, 25 වැනිදා කොළඹදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ශීඝ්‍රයෙන් වෙනස්වන වන ගෝලීය රැකියා වෙළදපොලත් සමග, ශ්‍රී ලාංකේය සිසුන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. ගෝලීය වෙළද අධිකාරිත්වය එක් රටකින් තවත් රටකට හුවමාරු වීමත් සමග, මෙරට සිසුන් සඳහා විදේශයන්හි අධ්‍යාපනික අවස්ථා පිළිබද ගවේෂණය කිරීමට බල කෙරෙන අතර, ජාත්‍යන්තර අධ්‍යාපන අත්දැකීම් සහිත එවැනි සිසුන් සදහාම නවතම රැකියා අවස්ථා උත්පාදනය වේ. ඒ නිසාම ශ්‍රී ලාංකික සිසුන් තම අනාගතය කළමණාකරණයේදී, විදේශීය අධ්‍යාපනය හරහා සුවිශේෂි කුසලතා වර්ධනය, සංස්කෘතීක විවිධත්වය හදුනා ගැනීම, අවදානම කළමණාකරණය වැනි කුසලතා වර්ධනය කර ගැනීමටද හැකියාව ලැබේ.

වැඩි විස්තර www.jeewaeducation.lk ජීවා අධ්‍යාපන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවයි සංවිධායකයන් නිවේදනය කරන්නේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්