ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහ කළොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ කල් තියා ගෙදර යෑමට බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD) පැවසිය. 


ඔහු එබව පැවසුවේ ඊයේ (18දා) කුරුණෑගල පැවති ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

මෙම පැරණි යල් පැනගිය දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවත්, එය වෙනස් කිරීමේ ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ කාන්තාවන්ට බවත් AKD කීවේය.

රටට සිදු වී ඇති විනාශයෙන් රට ගොඩනැගීම සඳහා ඉදිරියට පැමිණිය යුත්තේ කාන්තාවන් බවත්, ඔවුන්ට නායකත්වය ලබාදීමට ජාතික ජනබලවේගය සූදානම් බවත් AKD ප්‍රකාශ කළේය.

මෙම රැළිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ජාතික ජනබලවේගයේ නායිකාවන් ද මීට සහභාගි වී සිටියහ.

kuru 2kuru 3kuru 4kuru 5

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්