ළමා සහ කාන්තා හිංසන පිලිබදව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල සැකකරුවකු අත්අඩංගුවට ගෙන


නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාදනි වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (22) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තියේ මෙහෙයුමට සමාගාමිව ළමා සහ කාන්තා හිංසය මැඩ පැවැත්විම වෙනුවෙන් නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු බස් රථයකට පොලිස් උපාය දුතියෙක් යොදවා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින්ද බස් රථයේ යොදවා තිබියදි සැකකරු උපාය දුතියට ලිංගික හිංසනයන් සිදු කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි කියා සිටියේ.

මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා නුවරඑලිය සිට ගමන් ආරම්භ කරන ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

(ada.lk- හැටන් රංජිත් රාජපක්ෂ)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්