ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා

නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් අද (19) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් එබව කියා සිටියේ, කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදාගෙන් පසු පවතින රජය නීත්‍යනුකකූල නොවන බවත් ඔහු සඳහන් කළේය.

 

මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගැනීමට නොහැකි යැයි විශ්වාස කරන බවත් ජී. එල්. පීරිස් තවදුරටත් කීය.

 

විධායක ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව ඇසිය යුතු බව කී මහාචාර්යවරයා, පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට ජනතාව බලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියෙක්ට අයිතිය හිමිවන බවත් මහාචාර්යවරයා කීය.

ජනාධිපති ධූරය අහෝසි කිරීම සරළ ක්‍රියාදාමයක් නොවන්නාක් මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත් රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ට සහාය දක්වන බව මහාචාර්ය ජී. එල්. පීරිස් වැඩි දුරටත් සඳහන් කළේය. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්