ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ

පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රශ්න කළේය.

එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිලමතයද ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය මනුෂ නානායක්කාර ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසිය. 

"ඒ කතාව සම්පූර්ණයෙන්ම බැලුවනම් කියපු දේ හොඳට තේරෙනවා. ඉන්දියාව ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්නලා ලංකාවට එන්න කියලා ආරාධනා කරපු කතාවක් ඒක.

සමාජ මාධ්‍යවලින් වචන එකතු කරලා කපල විකෘති කරලා. සම්පූර්ණ කතාව ඇහුවනම් ගැටලුව නිවැරදි කරගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ කතා වෙච්ච කාරණයක් නොවෙයි."


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්