ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.


දෙරණ 360 රූපවාහිනී සංවාදයකට ඊයේ (19) සහභාගී වෙමින්  ඔහු එබව අවධාරණය කර සිටියේය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාවයි. එහිදී එක්සත් ජනරජ පෙරමුණ එහි තවත් එක් කොටස්කරුවෙකු පමණි. පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම නව සන්ධනයේ අරමුණයි. එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරේ. ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇතැයි රණවක පැහැදිලි කළේය. 

තමන් ඉතිහාසයේදී සැම විටම ස්වාර්ථයට නොව පොදු අරමුනක් සඳහා කන්ඩායම් ගතවු බවත්, 2009 දීත්, 2015 දීත් ඒබව තහවුරු වන බව කී ජනරජ පක්ෂ නායකයා, එම අවස්තා වලදී තමන්ට ලැබෙන වගකීම කුමක්ද යන්න අදාල නොවු බව පැවසිය.

මෙවරද පොදු අරමුනක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බවත් වඩාත් සුදුසු ඔනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත්, යම් හෙයකින් ගොඩනැගෙන දේශපාලන සාමුහිකය සිතන්නේ තමන්ද එයට සුදුසු ලෙසට නම් එවිට එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව හෙතෙම කියා සිටියේය. 

මෙවර ජනාධිපතිවරනයේදී වඩාත් වැදගත් වන්නේ අපේක්ෂකයා නොව ඉදිරිපත් කරන වැඩ සටහන සහ එම වැඩසටහන කලමනාකරනය කොට රටට වැඩදායක ප්‍රථිපල ලඟා කර දීම බව ඔහු තවදුරටත් පවසා සිටියේය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්