The Leader News
BREAKING
"ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30වන දා සිට…●භික්ෂූන්ගේ නම් ඇතුළත් කර ඉවත් කිරීමෙන් අධිකරණය නොමඟ යැවූ බවට එජාපයෙන් චෝදනාවක්●බන්ධනාගාරගත නාමල්ට මහින්දගෙන් ලිපියක්: පළිගැනීම් එපා; අධිකරණය විශ්වාස කරන්න●පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා●ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?●ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’●රු. බිලියන 13.6ක NDB මූල්‍ය වංචාව: මුදල් අයකර ගැනීමේ ප්‍රගතිය කොහේද?●නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!●කාන්තා ව්‍යවසායකත්ව 'ප්‍රතිභාභිෂේක' තරග බිමට ඔක්තෝබර් 31 තෙක් ඉඩ●සිඩ්නි විද්‍යාඥවරියකගෙන් පිළිකා මාරයා පරදන ලොව පළමු එන්නත වාර්තාවේ●
Top Ad
පුවත්

මහ බැංකු නිලධාරීන් කළ වැඩේ කැතයි - රවී කරුණානායක

T

The Leader Desk

February 25, 2024 • 5:52 PM

මහ බැංකු නිලධාරීන් කළ වැඩේ කැතයි - රවී කරුණානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක කීය.
  • ඔහු එබව කියා සිටියේ කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
  • රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා, රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.
  • '' රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක කීය.

ඔහු එබව කියා සිටියේ කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා, රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.


'' රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා. කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න  සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි. එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ. බයේ හැංගිලා හිටියේ. ඒ හැංගිහැංගිලා හිටපු අය අද ඇවිත් විහිලු කතා කියනවා. ඔය විහිලු කතා අහන්න කාලය මිඩංගු කිරීමත් අපරාධයක්. රට තිබුන තත්ත්වය වගේම මේ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕන. මේ වැඩේදී ෂොර්ට් කට් නෑ ''


''නිර්පාක්ෂික අපේක්ෂක ලෙස රනිල් ජනාධිපතිවරණයට එනවා''

ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමුකරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිලු කාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන  ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැපවෙනව.''

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...