leader s

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක

ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක කීය.

ඔහු එබව කියා සිටියේ කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා, රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.


'' රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා. කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න  සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි. එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ. බයේ හැංගිලා හිටියේ. ඒ හැංගිහැංගිලා හිටපු අය අද ඇවිත් විහිලු කතා කියනවා. ඔය විහිලු කතා අහන්න කාලය මිඩංගු කිරීමත් අපරාධයක්. රට තිබුන තත්ත්වය වගේම මේ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕන. මේ වැඩේදී ෂොර්ට් කට් නෑ ''


''නිර්පාක්ෂික අපේක්ෂක ලෙස රනිල් ජනාධිපතිවරණයට එනවා''

ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමුකරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිලු කාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන  ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැපවෙනව.''

 

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්