ගම්පොළ ජාතික උරුමය ගොඩනැගිල්ල හා එහි භූමිය භුක්ති විඳින්නෙක් නැත.

එහි ආදායම් භුක්ති විඳින්නෙක් නැත. දැන් එහි අයිතිකරුවන් කවුරුන්දැයි සෙවීමට පාතාල අඳුන ජීවන් කරන්නට සිදු වේ. 

මේ සම්බන්ධයෙන් පුංචි ඉඟියක් සපයන්නට ලියුම්කරුට හැකිය. ඒ නම් වත්මන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අනුරාධ ලංකා ජයරත්න තමන් 2020 සිට ජාතික උරුමය සංවිධානය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්වූ බව මේ ලියුම්කරුට පවසා තිබීමය. එනයින් කියැවෙන්නේ ඔහු 2020 දක්වා ජාතික උරුමය සංවිධානයේ සිටිය බව නොවේද?

 

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න රජයේ දේපොළකට විදලා

රාජ්‍ය ඇමති අනුරාධ ලංකා ජයරත්න

එසේ නම් ඔහුට රටේ වගකිවයුතු පුරවැසියෙකු ලෙස වගකීමක් පැවරේ. එය නම් 2020 සිට ගම්පොළ ජාතික උරුමය සංවිධානයේ නිලධාරීන් හෝ වගකිවයුත්තන් ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීමය. 

 

Anurdha Jayarathne 2024.01.12 4ගම්පොළ ජාතික උරුමය සංවිධානයේ ඉතිහාසය පිරික්සද්දී පෙනී යන්නේ වර්ෂ 1998 ජනවාරි 25 දින එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් රූඩ් 1 පර්චස් 25.50ක භූමි ප්‍රමාණයක් ජාතික උරුමය නම් සංවිධානය වෙත නිදහස් දීමනාවක් ලෙස පවරා දී ඇති බවය. මෙම දීමනා පත්‍රයේ සඳහන් පරිදි මෙම ඉඩම සහ ගොඩනැගිලි යථෝක්ත කාර්ය සඳහාම එනම් ජාතික උරුමය සංවිධානයේ සඳහන් අරමුණු වෙනුවෙන්ම නොයොදවන ලද්දේ නම් හෝ අන්‍ය කාර්යයකට යොදවන ලද්දේ නම් එවිට එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට පෙරළා පැවරෙන බවට සඳහන් වන කොන්දේසියකටය. 

 

urumaya 67

 

උක්ත කොන්දේසිය කඩකර ඇති බැවින් මෙම භූමිය නැවත රජයට පැවරී ඇති බව 2001 ජුලි 23 දින එවකට උඩපළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල විසින් ඉඩම් කොමසාරිස් කොළඹ සහ පළාත් ඉඩම් කොමසාරිස් වෙත පිටපත් සහිතව කැඳවුම්කරු ජාතික උරුමය සංවිධානය, දඹුවාවවත්ත, නාරංවිට ගම්පොළ යන ලිපිනයට යවන ලද ලිපියෙන් සනාථ වේ. 

එම 02 හා 03 ඡේදවලින් ඉඩමේ අයිතිය අහෝසි වීම සහ ඊට හේතූන් පැහැදිලිවම දක්වා ඇත්තේය. 

Anurdha Jayarathne 2024.01.12 3

 

මේ වන විට එකී භූමියේ ජාතික උරුමය මධ්‍යස්ථානය පවත්වා ගෙන යන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීව බව පැහැදිලිය. වගකිවයුතු ඇමතිවරයකු නීතිඥයෙකු වශයෙන් කල්පනා කළද අනුරාධ ලංකා ජයරත්න ඇමතිවරයා නීතිගරුක අයෙකු නම් මේ ගැටළුවට මැදිහත් වී ජාතික උරුමය ආයතනය එතැනින් ඉවත් කිරීමට කටයුතු යෙදීමට හැකියාවක් ඇත්තේම නැතිද?  අපට පැන නැගෙන ප්‍රශ්නයය. 

 

එම අමාත්‍යාංශයෙන්ම අම්බුළුවාව ජලතටාකය ඉදිකිරීම සඳහා රුපියල් 428,091.53ක්ද අමුබුළුවාව ජල තටාක 03 ඉදිකිරීම වෙනුවෙන් රුපියල් 206,745.43ක මුදලක් ද වියදම් කර තිබේ.

යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයෙන් පහත සඳහන් ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති මුදල් මෙසේය.  

* අම්බුළුවාව ගිමන් හල සැකසීම වෙනුවෙන් රුපියල් 436,180.48කි.  

* එළිමහන් රංග පීඨයේ ආරක්ෂිත බැම්ම ඉදි කිරීමට වියදම් කර ඇති මුදල රුපියල් 1,056,747.40 කි.  

* අම්බුළුවාව එළිමහන් රංග පීඨයේ බිම ඇතුරුම් ගල් ඇතිරීම සඳහා රුපියල් 180,750.40ක් හා රුපියල් 6,570,35ක මුදලක් අවස්ථා දෙකකදී වැය කර ඇත. 


මෙම සියළු ව්‍යාපෘති සඳහා වියදම් අමාත්‍යාංශවල එවකට ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ දි.මු.ජයරත්න ය. 

 

ambuluwawa tower sri lanka the travelizer featured

 

මේ අතරේ අම්බුළුවාව නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අයකරනු ලබන අතර එයින්ද විශාල මුදලක් ආදායම් ලෙස ලැබේ. මේ සියල්ල ලැබෙනුයේ ජයරත්න පවුලටය.  

 

අම්බුළුවාව පනත ප්‍රකාරව එහි සේවකයින් රජයේ සේවකයින් ලෙස සැලකිය යුතු බවට සඳහන් වගන්තියක් ඇත. පෞද්ගලික භාරයක සේවකයන් රජයේ සේවකයින් ලෙස සැලකිය යුත්තේ ඇයි? ඒ කුමන නීතියක් යටතේද? යන ප්‍රශ්න අපි අනුරාධ ලංකා ජයරත්න රාජ්‍ය ඇමතිවරයාගෙන් අසමු. එසේ ප්‍රශ්න නගන්නේ මේ වන විට අම්බුළුවාව භාරයේ පොල්මංකාර උරුමකරුවා අනුරාධ ලංකා ජයරත්න බැවිනි.

 

මහනුවර, උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක්

 

උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න සම්බන්ධයෙන් මේ අයට බරපතළ ප්‍රශ්න පැන නගින්නේ ජයරත්න පවුල විසින් ගම්පොළ සිදුකර ඇති මෙවැනි වංචා දූෂණ එකින් එක ගැන සොයා බැලීම නිසා බව ගම්පොළ ප්‍රදේශයේ ජනතාවට නම් අමුතු රහසක් නොවේ. 

දැන් ආත්මා දිල්රුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම්වරියට හිටි අඩියේ ස්ථාන මාරුවක් ලැබීමට හේතුභූතවූ ප්‍රශ්නයට යොමු වෙමු.

 

ගම්පොළ වත්තේහේන පංසල අසල තිබෙන වත්තේහේන නමැති රජයේ ඉඩමේ අනවසරයෙන් වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුව එකී ප්‍රශ්නයය. අදාල ඉදිකිරීම සඳහා උඩපළාත් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා නොගැනීම ඇයට තිබෙන චෝදනාවය. චෝදනාව නම් සුළු පටු නොවේ. තිබෙන තොරතුරු අනුව ප්‍රාදේශීය ලේකම්වරිය ඒ සඳහා අනුමැතිය ඉල්ලා ඇත. 

 

අනෙක් අතින් බැලුවහොත් මෙම කර්මාන්තය පිළිබඳව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සාකච්ඡා වී තිබිය යුතුය. එම කමිටුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රෙද්ශයේ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් සහභාගි වීම ස්වභාවයය. ඉදිකිරීම සදහා වියදම් ඇස්තමේන්තු ඉදි කිරීමට අදාළව දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගේ ප්ලෑනද තිබී ඇති අතර, ඉදිකිරීම භාර දී ඇත්තේ ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකිනි. 

බිත්ති මට්ටම දක්වා ඉදි කිරීමෙන් පසුව කොන්ත්‍රාත්කරුවා එකී ඉදි කිරීම නතර කර දැමීමෙන් පසුව ඊළඟ ටෙන්ඩර්කරුට ඉදිකිරීම භාර දුන් පසුව ප්‍රශ්නය පැන නැගී ඇත. ඉදිකිරීම ආරම්භ කර (පළමු ටෙන්ඩර්කුරු) සිදු කර ගෙන යද්දී ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නොලැබීම සම්බන්ධව කිසිදු ගැටළුවක් පැන නැගී නැතිවා සේම, ප්‍රාදේශීය සභාවද ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර ඇති බවක් දැක ගන්නටද නැත. 

එසේ වූයේ ඇයි?

 

udapalatha
මෙයට ඍජු පිළිතුරක් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂිකා තමරා කුමාරිහාමි විසින් උඩපළාත ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ජී.එස්. සුබසිංහ වෙත යවන ලද ලිපිය හා අධ්‍යක්ෂවරිය සහ සුබසිංහ අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටය සපයා දෙයි. 

ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂවරිය උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ජී.එස්. සුබසිංහ වෙත යවන ලද ලිපිය සහ හඬපටයෙන් අවධාරණය කරන කරුණු කීපයකි. 

 

පළමුවැන්න මෙම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට කිසියම් ප්‍රබලයෙකුගේ විරෝධයක් තිබෙන බවය. එනිසා ඔහුගේ බලපෑම මත මෙසේ ඉදිකිරීම නැවැත්වීම බලපෑම් කර ලියුම් එවීමට උඩපළාත ප්‍රාදේශීය සභාවේ ලේකම්ට සිදුව ඇති බවය. ඒ පුද්ගලයා කවුරුන්ද යන්න ප්‍රාදේශීය සභා ලේකම්වරයා පවසා නැතත් සුබසිංහට හෝ ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂවරියට හෝ පුද්ගලයා කවුරුන්ද යන්න රහසක් නොවන බව සැබෑවකි.

 

ගම්පොළ ජනතාවටද මෙය රහසක් නොවේ. කොරවක්කා සැඟවීම සඳහා හිස වදුලක රිංගවා ගත්තද උගේ පස්චාද්භාගය එළියේය.  යන ගැමි කියමනක් තිබේ. එය හොඳින් දන්නා අපටද පුද්ගලයා කවුරුන්ද යන්න රහසක් නොවේ. 

ඊළඟ කාරණාව වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ බලපෑම මත වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම නවත්වන්නැයි ලිපිවලින් තමන් නියෝග කළත් ඉදිකිරීමේ කටයුතු දිගටම කරගෙන යන්නැයි උඩපළාත ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂවරියට පවසා තිබීමය.

gampola 2

උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ගේ ස්ථාන මාරුවට එරෙහිව නිළධාරීන් ජන: 29 කාර්යාලය ඉදිරිපස කළ විරෝධය

 

ඉතාම වැදගත් වන්නේ තෙවැනි කාරණාවය. එනම් මේ දක්වා උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයේ සිදුකර ඇති රාජ්‍ය ඉදිකිරීම් සඳහා උඩපළාත ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් ලබා දී හෝ ඒ ගැන විමසීමක් හෝ සිදු කර නැති බවය. 

එසේ නම් මෙම ඉදිකිරීම සඳහා පමණක් උඩ පළාත ප්‍රාදේශීය සභාවේ විරෝධය නැති නම් විශේෂ අත ගැසීම සිදු වන්නේ ඇයි?

 

වහෙන් ඔරෝ කීමද මෙය පිටුපස සිටින්නේ කවුද යන්න කාට කාටත් පැහැදිලි නමුත්, එක්තරා බැරියර් එකක් හේතුවෙන් තවමත් ඔහු ආරක්ෂා වී නිරුපද්‍රිතව සිටී. ගම්පොළ ජනතාවට මේ බැරියරය ඉතා පහසුවෙන් බිද දැමිය හැකිය. සිදුවන දේවල් අනුව එය නුදුරේදීම සිදුවනු ඇත. හේතුව නම් මේ එළඹෙමින් තිබෙන්නේ දූෂකයනට, වංචනිකයන්ට, හොරුන්ට ඉතා අගුණ කාලයක් නිසාය.  


සටහන : 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් අබේසිංහ විසිනි
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න රජයේ දේපොළකට විදලා

අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම

ආත්මා 'පූල් එකට' දමා නිලධාරීහු ඇදගෙන නාති - (සුනිල් කන්නන්ගර)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්