The Leader News
BREAKING
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජාතික ගී පැටලැවිල්ල: නගෝයා පුරපතිගෙන් සමාව●මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●කොළඹ වරාය සැපයුම් කේන්ද්‍රය අවලංගු වීම: පටිපාටිමය ගැටලුවක්ද? ආර්ථික අහිමිවීමක්ද?●
Top Ad
පුවත්

හොරු අල්ලන දේශපාලන කතා 'පට්ටපල් බොරුවක්' - දිලිත් ජයවීර

T

The Leader Desk

February 26, 2024 • 11:57 AM

හොරු අල්ලන දේශපාලන කතා 'පට්ටපල් බොරුවක්' - දිලිත් ජයවීර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ගන්නා උත්සාහයක් බව එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් දිලිත් ජයවීර කියා සිටියේය.
  • “මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ටපල් බොරුවක්.
  • හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ.” එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මෙසේද සඳහන් කළේය.
  • "මම මගේ අවුරුදු 30ක වක්‍ර දේශපාලන භාවිතයේ දී විවිධ නායකයින්ට උදව් කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එය අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ගන්නා උත්සාහයක් බව එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් දිලිත් ජයවීර කියා සිටියේය.

“මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ටපල් බොරුවක්. හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ.”

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මෙසේද සඳහන් කළේය.

 

"මම මගේ අවුරුදු 30ක වක්‍ර දේශපාලන භාවිතයේ දී විවිධ නායකයින්ට උදව් කරලා තියෙනවා. මම ජ.වි.පෙ. පංති 5ට ගියේ ඉස්කෝලේ අටේ පංතියේ ඉද්දී. ඊළගට ඉස්කෝලේ 11 පංතියේ දීත් ගියා. මම ඒ පක්ෂය එක්ක ළඟින් වැඩ කළා. ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා කැප වුණා. 2004දී ඔවුන් ආසන 42ක් ගන්න මම ඔවුන් සමග සමීපව වැඩ කළා. ඔව්නුගේ දහසක් මහ වැව් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලේ ඒ ව්‍යාපෘතිය එළි දක්වන්න නිර්මාණශීලීව ඉතා වගකීමෙන් යුක්තව කැප වුණා. 

 

පොලොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ කෘෂිකර්මාන්තයේ පෙරගමන්කරුවන් වන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන් ම මේ රටට බත සපයන දිස්ත්‍රික්කය ඔබේ දිස්ත්‍රික්කය. ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්න නම් මේක නිවැරදි වෙන්න ඕන. ඒ සඳහා ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි. එහි ඇණ මුරිච්චි තද කරන්න බෑ. නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. 

 

සෘණාත්මක දේවල්වලින් ජාතියක් ගොඩනගන්න බෑ. ධනාත්මකව හිතන රට ගොඩනගන්න පුළුවන් ජනතාවක් බිහි කරන්න සියලු ජාතීන් එක්ව වැඩකරන කිසිදු භේදයකින් තොරව ක්‍රියා කරන පිරිසක් වෙන්න ඕන. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවාගේ අනාගතය පවා සහතික කරන අපි ගෙනෙන වැඩපිළිවෙලට ඇතුළත්. 

 

කෘෂිකර්මාන්තයට අදාළව කොහොමද ගොවියා ගොඩ ගන්නේ කියලා අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ආර්ථික සක්‍යතාව වැඩි කරන්නේ කොහොමද ඒ සඳහා නවෝත්පාදන ක්‍රමවේදයන් භාවිත කරන්නේ කොහොමද කියලා ඇතුළත්. අපට අවශ්‍ය මේ නව ව්‍යවසායකත්ව ප්‍රජාවේ ආර්ථිකය රුපියල් 40000කින් පමණ වැඩි වන දෛනික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් හදන්න.

 

අපි හැමදාම පැවතුණු ආණ්ඩු එක්ක පාලනය එක්ක කටයුතු කළේ පන්නමු කියන අදහසින්. නමුත් අපි එහෙම පන්නලා ගෙන එන ආණ්ඩුවෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතන්න පටන් ගමු. මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ට පල් බොරුවක්. හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ. 

 

අපි සාකච්ඡා කරමු මේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය අභිප්‍රේරණය කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ මාතෲත්වයට ගෞරව කරන විශිශ්ඨතම ව්‍යවසායකයින්වන මව පවුල් සංස්තාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන මව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. කොහොමද ඒ මවගේ ආදරය අපේ රටේ ජනතාවගේ සතුටට දායක වෙන්නේ කියලා සාකච්ඡා කරමු. අපි කතා කරමු අපේ උපායමාර්ගික වැඩපිළිවෙල කුමක් ද ඔබේ උපායමාර්ගික වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ රටේ සියලු සම්පත් විකුණමින් පවතින මොහොතක අපි ඔක්කොම එකතු වෙලා මේ රට ‍රැක ගමු.”

mjp0987


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...