හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තව සතියකින් හෝ දෙකකින් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඉන් අනතුරුව පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවැසීය.


ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එසේම කථානායකවරයාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කරන බවත් ඔහු පැවැසීය.

නාමල් රාජපක්ෂ මේ වන විට විහාරස්ථානවලට යන්නේ ඇයිදැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවැසුවේ ඔහු බෞද්ධයෙක් බවයි. එසේම පුතාද ගමන් කරන්නේද පියාගේ අඩිපාරේ බවයි.

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්