ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා 'සමගි ජන බලවේගය' අතර පවතින අර්බුදය

නිමා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගන්නැයි 'සමගි ජන බලවේගය' මහ ලේකම්, හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පෙරේදා රාත්‍රී (02) හිටපු කතානායක කරු ජයසුරිය හමුවී ඉල්ලීමක් කර තිබේ.

කරු ජයසුරිය එජාප නායකයා වන්නේ නම් යලිත් එක්ව වැඩ කිරීමට සුදානම් බව ඔහු එහිදී පවසා ඇත.

ඒ අතර 'ඔහු ඊයේ (03) දිනයේ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ, සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගය’ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවයි.

‘සමගි ජන බලවේගය’ නිල ඡන්ද ලකුණ ලෙස දැනට ලියාපදිංචි වී ඇති ‘දුරකථනය’ ඉදිරි මහ මැතිවරණය සඳහා යොදා ගන්න බව අද දිනයේ දැනුම් දීමට නියමිත බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

let

මේ අතර ඉදිරි මහ මැතිවරණයට 'අලියා' ලකුණ යටතේ ඉදිරිපත්වීමට තීරණය කර ඇති එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, වහාම ඊට අදාළ නාමයෝජනා ලැයිස්තු සකසන්නැයි පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්ට දැනුම් දී ඇත.

 

මංගල-මලික් හා රාජිතගේ මැදිහත්වීමත් අසාර්ථකයි !

සමගි ජන බලවේගයේ 'ලකුණ' සම්බන්ධයෙන් රනිල් පාර්ශවය හා සජිත් පාර්ශවය අතර මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට මංගල සමරවීර හා මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස සමග වෙන වෙනම සාකච්ජා පවත්වා ඇතත් එහිදී ද එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිව ඇත.

ඒ අතර මෙම මතභේදාත්මක තත්ත්වය විසදීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් මැදිහත්කරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පත් කර තිබේ.

ඒ අනුව ඔහු ඊයේ (03) දිනයේ 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාස මුණ ගැසුන අතර දෙවන අදියර ලෙස අද දිනයේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මුණ ගැසීමට නියමිතය.

 

එක්වීමට කිසිම හැකියාවක් නැහැ - නවින් කියයි

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කළේ පවතින නීතිමය තත්ත්වය අනුව එක්සත් ජාතික පක්‍ෂයට 'සමගි ජන බලවේගය' සමග එක්වීමට මෙතෙක් හැකියාවක් නොමැති බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයට තනිව තරග වැදුණහොත් එය එක්සත් ජාතික පක්‍ෂයට දැඩි අවාසියක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න සඳහන් කරයි.

 

අකිල එජාප මහලේකම් පුටුව අතහරී !

මේ අතර එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව් වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ශ්‍රීලනිපොස මැතිවරණයට එන්නේ SLPP යටතේ පොහොට්ටුව ලකුණින්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මැතිවරණය ප්‍රකාශයට පත්කර දින හතක් තුළ මැතිවරණයට තරග වදින බව දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු වෙයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්