තමා පුද්ගල කේන්ද්‍රීය විවේචන සිදු කිරීම, අගෞරව කිරීම් සිදු නොකර ඒ වෙනුවට තරගයට රටට වැඩ කිරීම සිදු කරන බව විපක්ෂ නායකවරයා

ප්‍රකාශ කර තිබේ.

තමාගේ දේශපාලන ගමනේ ප්‍රධාන සිද්ධන්තය කුමක්ද කියා කවුරු හරි විමසුවොත් කියන්නට ඇත්තේ ‘තරගයට වැඩ කිරීම’ බවත් තමා තරගයට වැඩ කිරීමට අතිශය කැමති බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.

ජෙ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස යනාදීන් තරගයට රටට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගම්උදාව, මහපොළ, මහවැලිය වැනි වැඩසටහන් රටට දායාද කළ බව ද ඔහු සඳහන් කරයි.

ඒ මඟ යමින් තමාද රට වෙනුවෙන් අගයක් එකතු කරමින් තරගයට වැඩ කරනවා යැයි හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට නර්තන ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් 827,000 වටිනා මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වු විපක්ෂ නායකවරයා පැවසීය.

තරගයට මඬ ගහමින් චරිත ඝාතනය කිරීම් සිදු කරන රටක තරගයට වැඩ කරමින් රටට අගයක් එකතු කිරිමට තමා කැමති බැවින් ඉදිරියේදී නව ව්‍යවසායකයන් මිලියන් බිහි කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බවයි සජබ නායකයා පවසන්නේ.

තමා මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය බලයක් නොමැතිව බවත් තමාගේ පිවිතුරු පවිත්‍ර නිර්මල චේතනාව හුදෙක් රටටත් ජනතාවටත් සේවය කිරීම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්